මහේල ජයවර්ධන තවදුරටත් කණ්ඩායම සමඟ ඉන්නවට කැමති – මහීෂ් තීක්ෂණ

Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස එක්වූ මහේල ජයවර්ධන කණ්ඩායම සමග එක්විමත් සමග කණ්ඩායමේ යම්කිසි ප්‍රගතියක් දක්නට ලැබේ. කණ්ඩායමේ ක්‍රිඩකයන්ට වෙනදාට වඩා ශක්තියක් ලැබී ඇත. විදේශීය පුහුණුකරුවෙකුට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිඩකයෙක් කණ්ඩායම සමග එක්වීම ක්‍රිඩකයන්ට විශාල ශක්තියකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස එක්වූ මහේල ජයවර්ධන මහතා ගැන යොවුන් ක්‍රිඩක මහීෂ් තීක්ෂන දරන්නේ මෙවන් අදහස්.

ඇත්තටම මහේල ජයවර්ධන දිගටම කණ්ඩායම සමගින් සිටිනවානම් මම ගොඩක් කැමතියි ඒක ලොකු ශක්තියක් අපිට. නමුත් මම හිතන් නැහැ දිගටම ඔහුට කණ්ඩායම සමග රැදී ඉන්න පුලුවන් වෙයි කියලා. මහේලගේ ආගමනයත් සමග කණ්ඩායමේ ලොකු පොසිටිව් ගතියක් තියෙනවා කණ්ඩායම ඇතුලේ. මොකද එයාගේ අදහස් ගොඩක් වටිනවා අපිට. එයා ටෙක්නික් වලට වඩා ක්‍රිඩකයන්ගේ ඔලුව හදනවා. මම උනත් වනිදු අයියා උනත් කවුරු බොල් කරන්න ගියත් එයා අපිට පැහැදිලි සැලැස්මක් දෙනවා අපෙන් මේ වෙලාවේ කණ්ඩායමට මොනවද ඕනි කියලා. එම නිසා අපිට ගොඩක් ලේසියි ක්‍රිඩා කරන්න. පැතුම් අයියා උනත් ලකුණු අතරට ඇවිත් දක්ෂතා දැක්වූයේ හොද පැහැදිලි සැලැස්මකින් සෙල්ලම් කරපු නිසා.

මහේල ජයවර්ධන යනු මොඩර්න් ක්‍රිකට් වල එසේ නැතහොත් විස්සයි විස්ස ලීග් පිටිය තුල සිටින සාර්ථකම පුහුණුකරුවෙකි. ඔහුගේ අද්දැකීම් ගත්තත් පුහුණුකරුවෙකු වශයෙන්, නායකයෙකු වශයෙන් ගොඩක් දේවල් තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගන්න. එමහේතුවෙන් ඔහුගෙන් කණ්ඩායමට ලැබෙන සේවය මිලකල නොහැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *