විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ වල වැඩිම කඩුලු ලාභීන් 6 දෙනාගේ ලැයිස්තුව

Sports News

ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟවල වැඩිම කඩුලු ලාභියා බවට පත්විමට බන්ගලාදේශ කණ්ඩායමේ දක්ෂ තුන්ඉරියව් ක්‍රිඩක ෂකිබ් අල් හසන් සමත් විය. එමෙන්ම ඔහු විස්සයි විස්ස පිටිය තුලද වැඩිම කඩුලු ලාභියා බවට පත්ව ඇත.

කාලයක් තිස්සේ විස්සයි විස්ස පිටිය තුල වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාවට හිමිකම් කියන ලද්දේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගයි ඔහුගේ එම වාර්තාව බිදදැමීමට ෂකිබ් අහ් හසන් සමත් විය. 2016 දී අවසන් වරට ක්‍රීඩා කළ ෂහිඩ් අෆ්රිඩිගේ කඩුලු 39 ක වාර්ථාව විස්සයි විස්ස ලෝක කුසලාන තරගවල වැඩිම කඩුලු සංඛ්‍යාව විය. එම වාර්තාවත් බිදදැමීමට ෂකිබ් අහ් හසන්ට හැකිවිය.

ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ වල වැඩිම කඩුලු ලබාගත් ක්‍රිඩකයන් 6 දෙනාගේ ලැයිස්තුව මෙසේ පෙළගැස්විය හැක.

ප්‍රථම විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වන්නේ 2007 වර්ෂයේ සැප්තැම්බර් මස 11 දිනයි. මෙම ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නොමැකෙන ලෝක වාර්ථා රැසක් පිහිටවූ වර්ෂයක් ලෙස හැදින්විය හැක. එතෙක් පටන් පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තුල ශ්‍රී ලංකා පන්දුයවන්නන් විෂිශ්ඨ දක්කම් දක්වා ඇත. විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභින් 6 දෙනාගේ ලැයිස්තුවේ ශ්‍රී ලංකා ක්‍රිඩකයින් 2 ක් සිටීමත් විශේෂත්වයකි.

ඔවුන් දෙපල නම් කැරම් පන්දුවෙන් පිතිකරුවන් අසරණ කල අජන්ත මෙන්ඩිස් සහ විස්සයි විස්ස ක්‍රිකට් පිටිය තුල යෝකර් කින් ලෙස හදුන්වන ලසිත් මාලිංගයි. අජන්ත මෙන්ඩිස් කඩුලු 35 ලබාගෙන එම ලැයිස්තුවේ 5 ස්ථානයත් ලසිත් මාලිංග කඩුලු 38 ලබාගෙන එම ලැයිස්තුව 3 ස්ථානයටත් හිමිකම් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *