ශ්‍රී ලංකාව අවතක්සේරු කළ නෙදර්ලන්තයට ඉගැන්වූ අමතක නොවන පාඩම

Sports News

විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් තරඟ 3 ම අඛණ්ඩව ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. ඊයේ පැවති තරගයේදී නෙදර්ලන්තය පහසුවෙන් පරදවමින් අපරාජිත කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ මූලික වටය අවසන් කළේය.

සාජා හීදී ඊයේ පැවති තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ප්‍රතිවාදී නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කරනවා. ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දුයවන්නන් ඉදිරියේ අන්ත අසරණ භාවයට පත්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නෙදර්ලන්ත කණ්ඩායම ඕවර 10 තුල සියලුම දෙනා දැවි ලකුණු 44 ට සීමා විය. එය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකදී කණ්ඩායමක් ලබාගත් දෙවනි අවම ලකුණු සංඛ්‍යාව වේ.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7.1 තුල කඩුලු දෙකක් දැවි ජයග්‍රහි ඉලක්කය පහසුවෙන් ළගා කරගන්නවා. පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 9කට කඩුලු 3ක් ද, ළහිරු කුමාර ලකුණු 7කට කඩුලු 3ක් ද , මහීෂ් තීක්ෂන ලකුණු 3 කට කඩුලු 2 ක් ද, දුෂ්මන්ත චමීර 1 කඩුල්ලක් ද දවා ගන්නවා.

සුපිරි 12 වටයේ දී ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව ලබන 24 වෙනිදා පැවැත්වීමට නියමිතයි. එම තරගයට නෙදර්ලන්තය සමගින් පැවති තරඟය අතරතුර ආබාධයකට ලක්වූ මහීෂ් තීක්ෂන ක්‍රිඩා නොකරන බව විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි. එමෙන්ම පුහුණු උපදේශක ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නික්ම ගියත් තාක්ෂණය හරහා කණ්ඩායම අවශ්‍ය උපදෙස් අඛණ්ඩව ලබාදෙන බව ඔහු පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *