වෙනස්කම් සමඟින් හෙට පැවැත්වෙන තරඟයට ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

Sports News

සුපිරි කණ්ඩායම් 12 යටතේ තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගය හෙට පස්වරු 3.30 ට බංග්ලාදේශයට එරෙහිව සාජා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. අනතුරුව ඔක්තෝබර් 28 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායිහිදීද, 30 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව සාජාහිදීද, නොවැම්බර් 01 වැනිදා එංගලන්තයට එරෙහිව සාජාහිදීද සහ නොවැම්බර් 04 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් සමඟ අබුඩාබිහිදීද තරග වදිනු ඇත.

හෙට පැවැත්වෙන තරඟයට මහීෂ් තීක්ෂන ක්‍රිඩා නොකරන බව විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි. නෙදර්ලන්ත තරඟය අතරතුරදී සිදුවූ ආබාධය හේතුවෙන් ඔහුව විවේක ගැන්වීමට කටයුතු කර ඇත. ඔහු වෙනුවට බොහෝ විට අකිල ධනන්ජය ආදේශ කරයි. හෙට තරගයේ ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙපල වශයෙන් දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර කටයුතු කරනු ඇත.

සුපිරි කණ්ඩායම් 12 යටතේ තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන ප්‍රථම තරඟයට වෙනස්කම් සමගින් ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක.

1. කුසල් ජනිත් පේරේරා

2. පැතුම් නිශ්ශංක

3. දිනේෂ් චන්දිමාල්

4. අවිශ්ක ප්‍රනාන්දු

5. භානුක රාජපක්ෂ

6. දසුන් චානක

7. වනිදු හසරංග

8. චාමික කරුණාරත්න

9. අකිල ධනන්ජය

10. ලහිරු කුමාර

11. දුෂ්මන්ත චමීර

බෝහෝ විට මෙම කණ්ඩායම ක්‍රිඩා කරන්නට වැඩි ඉඩක් පවති. මහේල ජයවර්ධනගේ ආගමනයත් සමග කණ්ඩායමේ ප්‍රගතියක් දක්නට තිබේ. ඔහු සිය පවුද්ගලික හේතුන් මත කණ්ඩායමේන් ඉවත් වුවත් තාක්ෂණය හරහා නිරන්තරයෙන් කණ්ඩායම අවශ්‍ය උපදෙස් ලබාදෙනු ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *