මහේලගේ සුවිශේෂී විශ්ලේෂණ හැකියාව පිළිබඳ මා පුදුමයට පත්වෙනවා – මිකී ආතර්

Sports News

මහේල ජයවර්ධන මහතා 2014 දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු කණ්ඩායම් කිහිපයක පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර ඔහු පුහුණුකරු ධූරය දැරු කණ්ඩායම් ජයග්‍රහණය කළ අතර ඔහු මෙහෙයවනු ලැබූ කණ්ඩායම් පිළිවෙලින් ඉන්දියානු ප්‍රිමියර් ලීග් සහ ද හන්ඩ්‍රඩ් යන කණ්ඩායම් වේ. මුම්බායි ඉන්දියන්ස්ක ණ්ඩායමට කුසලාන 3 දිනා ගැනීමට ඔහු උදව් කළේය. මහේල පුහුණුකරුගේ හොඳ වාර්තාව හේතුවෙන් ඔහුට අයිසීසී 2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයෙකු වශයෙන් තෝරාගනු ලැබිය.

මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ විගසම ඔහු විස්සයි විස්ස තරගාවලියේ නොම්බර 4 ට අවිශ්ක ප්‍රනාන්දුට පන්දුවට පහර දීමට දෙන ලෙස කළමනාකාරිත්වයට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට ප්‍රකාශ කළේය. අවිශ්ක ප්‍රනාන්දු විස්සයි විස්ස ඉනිම 22 කදී අර්ධ ශතකයක් වාර්තා නොකළ නමුත් ඕමානය, බංග්ලාදේශය සහ පැපුවා නිව්ගිනියාව සමඟ පැවති කණ්ඩායමේ පුහුණු තරග හතරේදී ලකුණු 83, 33, 62 සහ 61 ක් රැස් කිරිමට සමත්විය. මහේල ජයවර්ධන ඔහුගේ සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කළ අතර ඔහු සිව්වන ස්ථානයේ ක්‍රීඩා කිරීම වඩා හොඳ යැයි ප්‍රකාශ කළේය. එම තීරණය සාර්ථක තීරණයක් බවට පත්ව ඇත.

මහේල ජයවර්ධනගේ මෙම සුවිශේෂී විශ්ලේෂණ හැකියාව පිළිබඳව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා මෙළෙස අදහස් පළකළේය.

ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ප්‍රකාශ කළේ ක්‍රීඩාව පිළිබඳ ජයවර්ධනගේ සුවිශේෂී විශ්ලේෂණය පිළිබඳව විමතියට පත්වන බවයි. මහේලගේ දායකත්වය අති විශාලයි. මහේල සමඟ වැඩ කිරීමට මා තුළ මහත් උද්‍යෝගයක් ඇති වීමට එක් හේතුවක් නම් මම ඔහු බොහෝ කලකට පෙර ඔහු ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදීත් ඔහු සමඟ වැඩ කළ නිසාත්, ක්‍රීඩාව සුවිශේෂී ලෙස විග්‍රහ කිරීමේ ඔහුගේ හැකියාව ගැන මම පුදුමයට පත්වන බවයි. මම හිතන්නේ ඔහුගේ ක්‍රිකට් මොළය පුදුම සහගතයි යනුවෙන් ප්‍රකාශ කරමින් මිකී ආතර් මහතා නිහඩවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *