අපේ පන්දු යවන්නන්ගේ දක්ෂතා එක්ක අනික් කණ්ඩායම් වුනත් ලොකු චකිතයකින් ඇත්තේ

Sports News

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දුයවන්නෙක්, නායකයෙක් මෙන්න වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරන ෆර්වීස් මහරූෆ් මහතා ඊයේ පැවති ThePapare.com මෙහෙයවන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා වේගපන්දු බලඇණියේ දක්ෂතාවය, කණ්ඩායමේ සිදුවිය යුතු වෙනස්කම් ගැන මෙළෙස අදහස් ප්‍රකාශ කළේය.

සුදුසුකම් ලැබිමේ වටයේ පැවති තරඟ තුනම අඛණ්ඩව ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරමින් හොද පෙරහුරුවක් සමඟින් බංගලදේශ තරගයට මුහුණදීමට නියමිතයි. පැවති තරඟ වල අපේ පන්දුයවන්නන් පෙන්නුවා අපේ ලෙවල් එක දඟ පන්දුයවන්නන් සහ වේගපන්දු යවන්නන්, චාමික කරුණාරත්න හොදටම පන්දු යවනවා. තණතිල්ලට වඩා අපේ පන්දුයවන්නන් ගේ ස්කිල් දියුණුවෙලා තියෙනවා.

මහීෂ් තීක්ෂන කණ්ඩායමට හොද සේවයක් කරන්න පුලුවන් ක්‍රිඩකයෙක් සාජා තණතීරුවේ ඔහු ඒක කරලා පෙන්නුවා. අද තරගයට මහීෂ් තීක්ෂන ක්‍රිඩා නොකරන නිසා ඔහු වෙනුවට අකිල ධනන්ජය ආදේශ කරයි. අපේ පිතිකරනය නොම්බර 8 දක්වා පිතිකරුවන් ඉන්නවා ඒක ගොඩක් වටිනවා. අපේ වේගපන්දු යවන්නන් අනෙකුත් කණ්ඩායම් වලට සාපේක්ෂව ලොකු වර්ධනයක් තියෙනවා.

ඕස්ට්‍රේලියාව, එන්ගලන්ත, බටහිර ඉන්දීය කොදෙව් මොන කණ්ඩායම් වුවත් අපේ පන්දුයවන්නන් කෙරෙහි චකිතයකින් ඇත්තේ. මෙම තරගාවලි ජයග්‍රහණය කිරිමට පිතිකරුවන් ගේ ලොකු දායකත්වයක් අවශ්‍යයි, පන්දුයවන්නන් හරියට තමන්ගේ රාජකාරිය කරනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් මහරුෆ් මහතා අද තරඟය පිලිබඳව සිය පවුද්ගලික මතය මෙසේ ඉදිරිපත් කළේය. මෙම තරගය දහවල් තරඟයක් නිසා පන්දුවට මුලින්ම පහර දුන්නොත් හොදයි. සාමාන්‍යයෙන් සාජා තණතිල්ල පළමු ඕවර 6 තුල ඉක්මනින් ලකුණු ලබා ගන්න පුලුවන් යනුවෙන් ප්‍රකාශ කරමින් ඔහු මාධ්‍ය සාකච්ඡාවට සමු දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *