ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම දඟ පන්දුයවන්නන් 5 දෙනාගේ ලැයිස්තුව

Sports News

ක්‍රිකට් ක්‍රීඩාවේ වමතෙන් හෝ දකුණතින් ඇඟිලි භාවිතයෙන් දඟ පන්දු යැවීමේ ආකාර කිහිපයක් තිබේ. වමතින් නම් පන්දු යවන්නෙකු විසින්, ඇඟිලි භාවිතයෙන්, වමතින් ඕර්තඩොක්ස් දඟ පන්දු යැවීම සිදුකරනුයේ ක්‍රිකට් තණනිල්ලෙහි (පන්දුයවන්නාගේ දාෂ්ටි කෝණය පරිදී) දකුණෙහි සිට වමට පන්දුව දඟ කැවෙන ලෙස පන්දුව යොමු කිරිමයි. දඟ පන්දුයැවිමේ ආකාර නම් පා දඟ පන්දු, පිට දඟ පන්දු , උඩු දඟ පන්දු, දුස්රා යනුවෙන් විවිධාකාර වේ.

මෙම ලිපිය මගින් අනාවරණය කිරිමට යන්නේ ශ්‍රී ලන්කාවේන් බිහිවුන සිපිරිම දඟ පන්දු යවන්නන් 5 දෙනා ගැනයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාව ආරම්භයේ සිටම දඟ පන්දු යවන්නන් අතින් ලෝකයේ අනෙකුත් කණ්ඩායම් හා සසඳන කළ ශ්‍රී ලංකාවේන් බිහිවූ දඟ පන්දුයවන්නන්ට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. එයට හේතුව ශ්‍රී ලංකා දඟ පන්දුයවන්නන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ සුවිශේෂී ලෝක වාර්ථා රැසකට උරුමකම් කීම නිසාය. එමෙන්ම ලෝකයේ බිහිවූ විශිෂ්ටතම පිතිකරුවන් ශ්‍රී ලංකා දඟ පන්දුයවන්නන් ඉදිරියේ දණ නැමූහ.

ශ්‍රී ලන්කාවේන් බිහිවුන විශිෂ්ටතම දඟ පන්දුයවන්නන් 5 දෙනාගේ ලැයිස්තුව මෙසේ පෙළගැස්විය හැක.

1. මුත්තයියා මුරලිදරන්

2. රංගන හේරත්

3. සනත් ජයසූරිය

4. අජන්ත මෙන්ඩිස්

5. වනිදු හසරංග

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ ශ්‍රේෂ්ඨතම සහ සාර්ථකම පන්දු යවන්නා ලෙස සැලකෙන්නේත් ලන්කාවේ මුත්තයියා මුරලිදරන්ය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවට දඟ පන්දුයවන්නන් බිහිකරන පාසලක් ලෙස හැදින්විය හැක. අදටත් ජාත්‍යන්තර එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරඟ වල වැඩිම කඩුලු ලාභියා වන්නේද මුරලිදරන් ය. ඔහුගේ එම ලෝක වාර්ථා බිඳහෙලිමට අපහසු ලෝක වාර්ථා වේ. එම හේතුවෙන් මුරලි විසිඑක්වන ශතවර්ෂයේ ලොව වටිනාම ක්‍රිකට් ක්‍රිඩයා ලෙස නම්කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *