භානුකගේ හා චරිත්ගේ වේගවත් පිතිකරණයෙන් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ පළමු ජය ලබයි

Sports News

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය යටතේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරඟය අද බංගලදේශයට එරෙහිව පැවැත්විණි. කාසියේ වාසිය දීනූ ශ්‍රී ලංකා නායක දසුන් චානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බංගලදේශ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි බංගලදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4 දැවී ලකුණු 171 ලබාගැනීමට සමත්වෙනවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ආරම්භ පිතිකරු කුසල් පෙරේරා දැවී යනවා. ඉන්පසු පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු හටද ලකුණු අතරට පැමිණිම බංගලදේශ පන්දුයවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. ඉන් අනතුරුව පැතුම් නිශ්ශංක සමගින් චරිත් අසලන්ක කඩා වැටුනු ශ්‍රී ලංකා ඉනිම ටිකෙන් ටික ගොඩනැගීමට කටයුතු කරනවා.

පසුව පැතුම් නිස්සංක හා චරිත් අසලංක දෙවැනි කඩුල්ලට ලකුණු 69(45)ක සබදතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලන්කා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහයවනවා. පැතුම් නිශ්ශංක ලකුණු 24ක් ලබා සිටියදී ශකිබ් අල් හසාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යනවා. ඉන්පසු පිටියට පිවිසි භානුක රාජපක්ෂ සමගින් චරිත් අසලන්ක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යනවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 18.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කිරිමට සමත්විය.

සුපිරි කණ්ඩායම් 12 යටතේ තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන දෙවන තරඟය ඔක්තෝබර් 28 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායිහිදීද, 30 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව සාජාහිදීද, නොවැම්බර් 01 වැනිදා එංගලන්තයට එරෙහිව සාජාහිදීද සහ නොවැම්බර් 04 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් සමඟ අබුඩාබිහිදීද තරග වදිනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *