ලෝක කුසලාන තරගාවලිය සාර්ථකව අවසන් කරන්න අපිටත් පුළුවන් – දසුන් චානක

Sports News

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට පිවිසීමත් සමඟ පැවති පුහුණු තරඟ, සුදුසුකම් ලැබිමේ වටයේ තරග සියල්ලම පාහේ අඛණ්ඩව විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේය. එමෙන්ම සුපිරි 12 කණ්ඩායම් යටතේ තරඟ වැදුන බංගලදේශයට එරෙහිව ඊයේ පැවති පළමු තරඟයත් විශිෂ්ට අයුරින් අවසන් කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. එමෙන්ම පසුගිය කාල සීමාව තුල ශ්‍රී ලංකා කණ්ඩායම අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව නායක දසුන් චානක මෙලෙස අදහස් දක්වා ඇත.

තරුණ කණ්ඩායමක් වශයෙන් අපේ කණ්ඩායම අතින් යම් යම් වැරදි වෙන්න පුලුවන්. පසුගිය කාලයේ නවක ක්‍රිඩකයින් සමඟ පැවති තරඟ කිහිපයක්ම අපි පරාජයට පත්විය. එම පරාජයන්ගෙන් ඉගෙන ගෙන ජයග්‍රහණය කරා ගමන් කිරිමට අපි දැන් සූදානම්, අපි හොදින් පුහුණුවීම් වල නිරතවෙමින් අපේ හැකියාවන් වර්ධනය කර ගත්තා. ලහිරු කුමාර, මහීෂ් තීක්ෂන සහ පැතුම් නිශ්ශංක ගේ දියුණුව වඩාත් ඉහළ මට්ටමක පවතිනවා. ඔවුන් සියලුම දෙනා නියම වෙලාවට කණ්ඩායමට ප්‍රතිඵල අරන් දෙනවා. ඔවුන්ගේ උත්සාහය අතිවිශිෂ්ටයි.

අපේ ක්‍රිඩකයින්ට තමන් කැමති ආකාරයට තමන්ගේ දේවල් කරන්න පුලුවන්, ඔවුන්ට කිසිම බල කිරීමක් නැහැ නිදහසේ සෙල්ලම් කරන්න පුලුවන් වටපිටාවක් තියෙනවා. මම හිතන්නේ ලෝක කුසලානයේදී ඔවුන් ලබාගෙන තියෙන අද්දැකීම්, හැකියාවන් පෙන්වමින් දක්ෂතා අතරට පැමිණෙයි කියලා. මට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ කණ්ඩායමට ගොඩක් දුර යන්න පුලුවන් කියලා. මම දැන් ටික කාලයක් තිස්සේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා. ක්‍රිඩකයින්ගෙන් උපරිම දේ ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා අපිට ලැබෙන පුහුණුව හා උපදෙස් ද ඉතා උසස්.

මෙතෙක් කලක් අඩුපාඩුව පැවැති අංක 3 පිතිකරණ ස්ථානය සඳහා සාර්ථකම පිතිකරුවා තමන් බව ඔප්පු කිරිමට චරිත් අසලන්ක ඊයේ සමත්විය. අසලංක ගොඩ නවන ලද ලකුණු 80 ක නොබිඳුණු සබඳතාවය ඊයේ ජයග්‍රහණයට ඉවහල් විය.

මහේල ජයවර්ධන පුහුණු උපදේශක ලෙස තාක්ෂණය හරහා කණ්ඩායමට අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කරනවා, එමෙන්ම ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන තරඟ වලට ඔහුගේ දැනුම මත පදනම්ව සැලසුම් සකස් කොට තමා කණ්ඩායමේන් ඉවත් වී ඇත්තේ. පවුද්ගලික හේතුන් මත කණ්ඩායමේන් ඉවත් උනත් ඔහු කණ්ඩායම සමග තාක්ෂණය හරහා අඛණ්ඩව රැදී සිටී. එළඹෙන ඕස්ට්‍රේලියානු තරඟය සදහා මහීෂ් තීක්ෂන ක්‍රිඩා කරන බව විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි. එම තරගාවලියත් ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම හැකිවේවායැයි අපි ප්‍රර්ථනා කරමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *