මහීෂ් තීක්ෂණ ඕස්ට්‍රේලියානු තරගයට සුදානම් – භානුක රාජපක්ෂ

Sports News

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු තරඟය ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රිඩක මහීෂ් තීක්ෂනට අහිමිවිය. එයට හේතුව නෙදර්ලන්තය තරඟය අතරතුර සිදුවූ ආබාධය හේතුවෙනි. පළමු වටයේදී කණ්ඩායමේ වඩාත්ම ආකර්ෂණීය පන්දු යවන්නා ලෙස මහීෂ් තීක්ෂන ක්‍රිඩා කළේය.

ඊයේ තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී භානුක රාජපක්ෂ අබාධයට ලක්වූ මහීෂ් තීක්ෂන ගැන මෙලෙස අදහස් දැක්වූයේ ය.

සුළු ආබාධයකට ලක්වු මහීෂ් තික්ෂණ ඕස්ට්‍රේලියාව සමග ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත තරඟයට සුදානම් බවත්, මහීෂ් මේ වන විට යහපත් ශාරීරික යෝග්‍යතාවයෙන් සිටින බවත් භානුක රාජපක්ෂ පැවසීය. මහීෂ් තික්ෂණ වෙනුවට බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත් කලේ ඇයි දැයි භානුක ගෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් භානුක රාජපක්ෂ කියා සිටියේ මීට පෙර සාජා ක්‍රීඩාංගනයේදි ක්‍රීඩා කළ තරඟයේ වේග පන්දු ‍යවන්නන්ට සහායක් ලැබුනු නිසා එම තීරණයට එළඹෙන්නට ඇතැයි භානුක රාජපක්ෂ ප්‍රකාශ කළේය.

සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන දෙවන තරඟය ලබන 28 වැනිදා පස්වරු 7.30 සාජා හීදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි. මෙම තරඟයට බිනුර ප්‍රනාන්දු වෙනුවට මහීෂ් තීක්ෂන යළි කණ්ඩායමට කැදවනු ඇත. ආරම්භක පිතිකරු යුගලයේ කිසිදු වෙනසක් සිදු නොවේ. පැවති තරඟ සියල්ලේම සාර්ථක ආරම්භයක් කණ්ඩායමට ලබා දීමට නොහැකි වූ කුසල් පෙරේරා ඕස්ට්‍රේලියානු තරගයේදී වත් ලකුණු අතරට පැමිණේ යැයි අපි විශ්වාස කරමු. එම හේතුවෙන් එළඹෙන තරඟ සියල්ල ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව ජයග්‍රහණය කිරිමට හැකිවේවායැයි අපි ප්‍රර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *