හෙට ඕස්ට්‍රේලියාව සමඟ තීරණාත්මක තරඟයට ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

Sports News

සුපිරි කණ්ඩායම් 12 යටතේ තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන දෙවන තරගය හෙට පස්වරු 7.30 ට ඔස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 ගේ වටයේ මුහුණදෙන තුන්වන තරඟය ලබන 30 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව සාජාහිදීද, නොවැම්බර් 01 වැනිදා එංගලන්තයට එරෙහිව සාජාහිදීද සහ නොවැම්බර් 04 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් සමඟ අබුඩාබිහිදීද තරග වදිනු ඇත.

මෙතෙක් කලක පටන් අඩුපාඩුව පැවැති අංක 3 පිතිකරණ ස්ථානය සඳහා සාර්ථකම පිතිකරුවා තමන් බව ඔප්පු කරමින් චරිත් අසලංක හෙට පැවැත්වෙන තරඟයටද නොම්බර 3 ස්ථානයේ ක්‍රිඩා කරයි. එමෙන්ම කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා ලෙස දුෂ්මන්ත චමීර කටයුතු කරනු ඇත, ඔහුගේ විශේෂත්වය නම් පසුගිය තරඟයේදි පැයට කිලෝ මීටර 150 ක වේගයකින් පන්දුවක් යොමු කිරීමට සමත්වීමයි. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් ලෙස කටයුතු කරයි. ප්‍රධාන දඟ පන්දු යවන්නා වන්නේ පා දඟ පන්දු යවන ක්‍රිඩක වනිදු හසරංගයි.

සුපිරි කණ්ඩායම් 12 යටතේ තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන දෙවන තරඟයට වෙනස්කම් සමගින් ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක.

1. කුසල් ජනිත් පේරේරා

 

2. පැතුම් නිශ්ශංක

 

3. චරිත් අසලන්ක

 

4. අවිශ්ක ප්‍රනාන්දු

5. භානුක රාජපක්ෂ

6. දසුන් චානක

7. වනිදු හසරංග

8. චාමික කරුණාරත්න

 

9. මහීෂ් තීක්ෂන

10. ලහිරු කුමාර

11. දුෂ්මන්ත චමීර

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට පිවිසීමත් සමඟ පැවති පුහුණු තරඟ, සුදුසුකම් ලැබිමේ වටයේ තරග සියල්ලම පාහේ අඛණ්ඩව විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේය. එමෙන්ම සුපිරි 12 කණ්ඩායම් යටතේ තරඟ වැදුන බංගලදේශයට එරෙහිව ඊයේ පැවති පළමු තරඟයත් විශිෂ්ට අයුරින් අවසන් කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. හෙට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟයත් සාර්ථකව ජයග්‍රහණය කිරිමට හැකිවේවායැයි අපි ප්‍රර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *