කුසල් පෙරේරා ලොව පිළිගත් විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් – මැතිව් වේඩ්

Sports News

මැතිව් ස්කොට් වේඩ් යනු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජාත්‍යන්තර ක්‍රිකට් ආකාර තුනේම කඩුලු රකින්නා ලෙස කටයුතු කරයි. හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරඟයට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මැතිව් වේඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු වන කුසල් ජනිත් පේරේරා ගැන මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු වන කුසල් පෙරේරා ලොව පිළිගත් ක්‍රීඩකයෙක් බව ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මීට ස්වල්ප වේලාවකට පෙර ඩුබායි හීදි පැවති මාධ්‍ය හමුවේදියි. කුසල් පෙරේරා දවා ගැනීම ගැන අධ්‍යයනක් කර ඇති බව ද මැතිව් වේඩ් ප්‍රකාශ කළා. එමෙන්ම ශ්‍රී ලංකා දග පන්දු යවන්නන් දක්ෂ බවත් ඔවුන්ට මුහුණදීමට සැළසුම් සකස් කර ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් වේඩ් මහතා ප්‍රකාශ කළේය.

පැවති තරඟ කිහිපයේම සාර්ථක ආරම්භයක් කණ්ඩායමට ලබා දීමට කුසල් පෙරේරාට නොහැකි වුවත් වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රිකට් ක්‍රිඩකයා වන්නේද කුසල් පෙරේරා වේ. සෞඛ්‍ය හේතූන් මත කුසල් පෙරේරාට පසුගිය කාල වකවානුවේ දී පැවති පුහුණු තරග වලටද සහභාගි වීමට අවස්ථාව නොලැබුණි. ඔහු විස්සයි විස්ස ජාත්‍යන්තර තරග මෙම වසරේ ක්‍රිඩා කලේ ස්වල්ප වශයෙනි. එම නිසා ඔහුට පැවති තරඟ කිහිපයේදී ලකුණු අතරට පැමිණිමට නොහැකි විය. කෙසේ වෙතත් හෙට තරගයේදී ඔහු ලකුණු අතරට පැමිණෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *