රටම බලාසිටින ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟයේ අද සිදුවන වෙනස්කම්

Sports News

සුපිරි කණ්ඩායම් 12 යටතේ තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන දෙවන තරඟය අද රාත්‍රි 7.30 ට ඔස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් එකක් හෝ දෙකක් සිදුකිරීමට නියමිතයි, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ද වෙනස්කම් සමගින් අද තරඟයට පිවිසෙනු ඇත. විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරන ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිදුවිය හැකි වෙනස්කම් මෙසේ පෙළගැස්විය හැක.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා ලෙස කටයුතු කරන මිචෙල් ස්ටාක් පුහුණු සැසියක් අතරතුර අබාධයකට ලක්වීම හේතුවෙන් අද තරඟයට ඔහු ක්‍රිඩා කිරීම අවිනිශ්චිතයි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය තරගයේ වේගපන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ බිනුර ප්‍රනාන්දු වෙනුවට මහීෂ් තීක්ෂන අනිවාර්යයෙන් ක්‍රිඩා කරනු ඇත. මහීෂ් පසුගිය තරඟයේ ආබාධයකට ලක්වීම නිසා සුපිරි 12 යටතේ තරඟ වැදුණු පළමු තරඟය මහීෂ් තීක්ෂනට අහිමිවිය. දැන් ඔහු යහපත් සුවයෙන් සිටින නිසා ඉදිරි තරග ඔහුට ක්‍රිඩා කල හැකි බවයි ප්‍රධාන පුහුණුකරු මීකී ආතර් මහතා ප්‍රකාශ කළේ.

ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඕස්ට්‍රේලියානු නායක මැතිව් වේඩ් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පන්දු බලඇණිය මේ වන විට ඉතා සාර්ථක තත්ත්වයක සිටින බවත් එයට මුහුණදීම සඳහා තමන් වෙනම සැලසුමක් සකස් කර ඇති බවත් ය. එමෙන්ම කණ්ඩායම් දෙකම සුපිරි 12 යටතේ පැවති පළමු තරඟය ජයග්‍රහණය කොට ඇත. එම නිසා කණ්ඩායම් දෙකම ජයග්‍රහී මානසිකත්වයෙන් පසුවෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 ගේ වටයේ මුහුණදෙන තුන්වන තරඟය ලබන 30 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව සාජාහිදීද, නොවැම්බර් 01 වැනිදා එංගලන්තයට එරෙහිව සාජාහිදීද සහ නොවැම්බර් 04 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් සමඟ අබුඩාබිහිදීද තරග වදිනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *