ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක්ට ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගෙන් ඇගයුම්

Sports News

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මීකී ආතර් මහතා මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින තරුණ ක්‍රිකට් ක්‍රිඩකයන් පිළිබඳව මෙසේ අදහස් ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක හා නොම්බර 3 ස්ථානයේ ක්‍රිඩා කරන පිතිකරු චරිත් අසලංක ශ්‍රී ලංකා පිතිකරණ අංශයේ අනාගතය බව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින යොවුන් ආරම්භ පිතිකරු පැතුම් නිශ්ශංක සහ නොම්බර 3 නියෝජනය කරන චරිත් අසලන්ක ගැන වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කල කාලයේ ශ්‍රී ලංකාවේ හිටපු ගොඩක් ක්‍රිකට් ක්‍රිඩකයින් දැකලා තියෙනවා ඒත් පැතුම් නිශ්ශංක සහ චරිත් අසලන්ක වගේ දක්ෂ පිතිකරන රටාවක් තියෙන ක්‍රිඩකයින් දෙපලක් ඔහුගේ පුහුණුකාර කාලසීමාව තුල දැක නැති බවයි.

මම මුලින්ම දැක්ක දවසේ ඉඳන්ම කිව්වේ පැතුම් ඉතා දක්ෂයෙක් කියලා. පන්දුවට පහර දෙන විට ඔහුගේ සමබරතාවය, ඔහුගේ පාද චලනය ඉතා විශිෂ්ටයි. ඔහුට ඒ හැම දෙයක්ම තියෙනවා. එමෙන්ම චරිත් අසලන්ක ක්‍රිඩා කරන විලාසය නවක ක්‍රිඩකයෙකු වුවත් ඔහු ක්‍රිඩා කරන්නේ පරිණත ක්‍රිකට් ක්‍රිඩකයෙක් ලෙසිනි. මම හිතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් හී ඉදිරි අනාගතය මේ තරුණ ක්‍රිඩකයින් බවයි.

ඇත්තටම ක්‍රිකට් ප්‍රෙක්ෂකයන් වන අපිටත් පැතුම් නිශ්ශංක හා චරිත් අසලන්ක ගේ කැපී පෙනෙන පැහැදිලි වර්ධනයක් දක්නට තියෙනවා, වෙනදාට වඩා බලාපොරොත්තුවෙන් අපිට දැන් මැච් බලන්න පුලුවන් අපේ තරුණ ක්‍රිකට් කණ්ඩායම දැන් ගොඩක් හොදයි. ශ්‍රී ලංකා ක්‍රිකට් හී මැකී ගිය ස්වර්ණමය යුගය නැවත පැමිණෙනු ඇත. ක්‍රිඩා ලෝලීන් වන අපගේ බලාපොරොත්තුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළින්ම ඔසවා තැබිමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *