T20 ලෝක කුසලාන තරඟාවලිය ගැන හෂාන් තිලකරත්න මහතාගේ අදහස

Sports News

දේශබන්දු හෂාන් තිලකරත්න යනු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයෙකි. ඔහු 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් විය. මොහු ජාත්‍යන්තර ලෝක කුසලාන හතරක් නියෝජනය කර ඇති අතර විස්සයි විස්ස ලෝක කුසලානය ගැන ඔහුගේ අද්දැකීම් ලාබාදෙමින් කණ්ඩායමේ සිදුවිය යුතු වෙනස්කම් පෙන්වා දෙමින් දනුෂ්ක අරවින්ද මහතා සමග පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මෙලෙස අදහස් පල කළේය.

චමින්ද වාස්ගේ මග පෙන්විම යටතේ අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු බලඇණිය දවසින් දවස ගොඩක් දියුණු වෙලා තියෙනවා. වෙනදාට වඩා මෑත කාලයේ ප්‍රබල පිතිකරුවන්ට අභියෝග කරන්න පුලුවන් වේගපන්දු බලඇණියක් දැන් අපිට ඉන්නවා. විශේෂයෙන් ලහිරු කුමාර ගේ මෑත කාලයේ පන්දු යැවීම අතිවිශිෂ්ටයි. එමෙන්ම ප්‍රධාන වේගපන්දු යවන්නා ලෙස කටයුතු කරාන දුෂ්මන්ත චමීර පසුගිය තරගාවලි තුල උපරිම කැපවීමෙන් දක්ෂතා අතර සිටින බව අපි දැක්කා ඔහුට ඉතාමත් වේගයෙන් පන්දු යවන්න පුලුවන් ඔහු ජාත්‍යන්තර මට්ටමේ පන්දුයවන්නෙක් ඔහු ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේ අද්දැකීම් සමගින් ඉන්නේ ඒක කණ්ඩායමට ගොඩක් වැදගත් වේවි.

අපේ කණ්ඩායමේ පිතිකරනය ගතහොත් මුල් පෙළ පිතිකරුවන්ගෙන් මැදපෙළ පිතිකරුවන්ට ලැබෙන වගකීම වැඩියි. පිතිකරුවන් විදිහට කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාදෙන්න ඕනී කණ්ඩායමට එම නිසා ආරම්භක පිතිකරුවන් ඔහුන්ගේ වගකීම ගැන අවබෝධ කරගන්න ඕනි. මෙවර ලෝක කුසලානයේ ඉදිරි තරඟ ජයග්‍රහණය කිරිමට නම් ආරම්භක පිතිකරුවන් ඉතා හොදින් ක්‍රිඩා කල යුතුයි. කණ්ඩායම ජයග්‍රහණය තීරණය වෙන්නේ ආරම්භක සබඳතාව මත එම නිසා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වගකීමෙන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *