ඊයේ පැවති තරඟ පරාජයෙන් පසු නායක දසුන් කීයූ සන්වේදී කතාව මෙන්න

Sports News

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි තරගය ඊයේ ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු නායක ආරෝන් ෆින්ච් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කරා, ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරිමට සමත්විය.

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරඟය අවසන් විමෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා නායක දසුන් චානක පරාජයට පත්විමට හේතු මෙසේ ඉදිරිපත් කළා.

කඩුල්ල ගොඩක් හොඳ එකක් බව පිළිගත යුතුයි, අපේ කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලැබුණත් මැද අදියරේදී අපට ප්‍රයෝජන ගැනිමට නොහැකි උනා, මැදපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණිම නොහැකි උනා. මැදදි හොඳ පිතිකරුවන් දැවියාමට අපිට විශාල පාඩුවක් උනා. ඒ වගේම සෙට් වෙන පිතිකරුවන් ඕවර 15-16 වෙනකම්ම දිගටම කඩුල්ලේ රැදි ඉන්න ඕනී. ඒක අපි සැලකිලිමත් විය යුතු පැත්තක්, අපි ලකුණු 25-30 අඩුයි කියලා දැනුණා.

අපි දන්නවා ලෝක ක්‍රිකට් පිටියේ පිතිකරුවන් දෙදෙනෙක් ෆින්ච් සහ වෝනර් කොහෙද දෙන්නෙක් ද කියලා ඔවුන් ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයන්. හොදින් පන්දු යැවිය යුතු අතර ඒවා පවර්ප්ලේ තුළ අන්තර්ගත කල යුතුයි. අපිට ඒක කරන්න බැරි උනා. ඉදිරි තරඟ වලදී අපි හොදින් නැවත පැමිණිය යුතුයි යනුවෙන් ප්‍රකාශ කරමින් නායක දසුන් චානක මාධ්‍ය සාකච්ඡාව අවසන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 ගේ වටයේ මුහුණදෙන තුන්වන තරඟය ලබන 30 වැනිදා එනම් හෙට දින දකුණු අප්‍රිකාවට එරෙහිව සාජාහිදී පැවැත්වීමට නියමිතයි. මෙම තරඟය ජයග්‍රහණය කිරිම ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් වැදගත් ලෝක කුසලානයේ ඉදිරියට යෑමට, හෙට පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරිමට හැකිවේවායැයි අපි ප්‍රර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *