හෙට දකුණු අප්‍රිකාව සමඟ තීරණාත්මක තරඟයට ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

Sports News

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 ගේ වටයේ මුහුණදෙන තුන්වන තරඟය ලබන 30 වැනිදා එනම් හෙට දින දකුණු අප්‍රිකාවට එරෙහිව පස්වරු 3.30 ට සාජාහිදී පැවැත්වීමට නියමිතයි. මෙම තරඟය ජයග්‍රහණය කිරිම ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් වැදගත් ලෝක කුසලානයේ ඉදිරියට යෑමට. එමෙන්ම සුපිරි 12 ගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන මිළග තරඟය නොවැම්බර් 01 වැනිදා එංගලන්තයට එරෙහිව සාජාහිදීද සහ නොවැම්බර් 04 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් සමඟ අබුඩාබිහිදීද තරග වදිනු ඇත.

ඊයේ පැවති ඕස්ට්‍රේලියානු තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමට හොද ආරම්භයක් ලබා ගත්ත ද, කඩුලු 4ක් අඩු ලකුණු සංඛ්‍යාවකදී දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම අඩාල විය, එමෙන්ම පන්දුයවන්නන් නිසියාකාරව ඔවුන්ගේ රාජකාරිය ඉටු නොකිරීම නිසා විශේෂයෙන්ම වේගපන්දු යවන්නන් ඊයේ තරඟය පරාජයට හේතුව විය.

එමෙන්ම හෙට පැවැත්වෙන තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම සිය වැරදි නිවරදි කරගෙන පැමිණෙනු ඇත. කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා ලෙස දුෂ්මන්ත කටයුතු කරයි, ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙස වනිදු හසරන්ග කටයුතු කරයි, කණ්ඩායමේ ලොකු වෙනසක් අපේක්ෂා කළ නොහැකි අතර බොහෝ විට ලහිරු කුමාර වෙනුවට වෙනත් වේගපන්දු යවන්නෙක් ආදේශ කිරිමට ඉඩ ඇත.

සුපිරි කණ්ඩායම් 12 යටතේ තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන තුන්වන තරඟයට වෙනස්කම් සමගින් ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක.

1. කුසල් ජනිත් පේරේරා

2. පැතුම් නිශ්ශංක

3. චරිත් අසලන්ක

4. අවිශ්ක ප්‍රනාන්දු

5. භානුක රාජපක්ෂ

6. දසුන් චානක

7. වනිදු හසරංග

8. චාමික කරුණාරත්න

9. මහීෂ් තීක්ෂන

10. බිනුර ප්‍රනාන්දු

11. දුෂ්මන්ත චමීර

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟින් පැවැත්වෙන මෙම තරඟය ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩක් වැදගත් වෙනවා ලෝක කුසලානයේ ඉදිරි තරඟ වලට සාර්ථකව මුහුණදීමට, එම නිසා මෙම තරගය ජයග්‍රහණය කිරිමට අවශ්‍ය වේ. කෙසේ වෙතත් ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත්කිරීම එතරම් පහසු කාර්යක් නොවේ. ක්‍රිකට් ප්‍රෙක්ෂකයන් වශයෙන් අපේ කණ්ඩායම ජයග්‍රහණයේ දී මෙන්න පරාජයේ දීද කණ්ඩායම අවශ්‍ය සහයෝගය ලබාදිය යුතුයි, හෙට පැවැත්වෙන තරඟය ජයග්‍රහණය කිරිමට හැකිවේවායැයි අපි ප්‍රර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *