ජාත්‍යාන්තර ක්‍රිකට් පිටියට යන රත්නාවලී දියණිය විශ්මි ගුණරත්න

Sports News

එළඹෙන මාසයේදී සිම්බාබ්වේදී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටය සඳහා ක්‍රීඩිකාවන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇත එහි නායකත්වය චමරි අතපත්තු මෙහෙයවනු ඇත.

මෙවර කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව, පාකිස්තානය, බන්ගලාදේශය, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය, තායිලන්තය, පැපුවා නිව් ගිනියාව, නෙදර්ලන්තය, ඇමරිකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් 10 ක්‍රිඩා කරනු ලබයි. එම කණ්ඩායම් 10 අතුරින් කණ්ඩායම් 3 ක් 2022 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා එක්දින තරගාවලිය සදහා සුදුසුකම් ලබාගනු ඇත.

මෙම කාන්තා සංචිතය සදහා වෙනස්කම් රැසක් ඇතුලත් කොට ඇත එයට නවක ක්‍රිඩිකාවන් කිහිපදෙනෙක්ම ඇතුළත් කොට ඇත ඒ අතරට 16 හැවිරිදි විශ්මි ගුණරත්න ද ඇතුලත් කොට ඇත. ප්‍රවේගකාරී පිතිකාරියක් වන විශ්මි එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී සුපිරි පිතිකාරී නායිකා චමරි අතපත්තු සමඟ ආරම්භ පිතිකාරිය ලෙස කටයුතු කිරීමට නියමිතය.


දකුණත් පිතිකාරියක් සහ දකුණතින් මද වේග පන්දු යවන්නියක් වන විශ්මි, දේශීය තරගාවලිවලදී දැක්වූ දස්කම් පිළිබඳව අවධානය යොමු කර සංචිතයට ඇතුළත් කළ බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සදහන් කොට ඇත. ගුණරත්න ආරම්භක පිතිකාරිනියක් සහ මෙන්ම වේගපන්දු යවන්නියකි. ඇය ශ්‍රී ලංකා කාන්තා පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ ළාබාලතම ශතකලාභියා බවට පත්වූයේ 15 හැවිරිදි වියේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *