2000 වසරේ අද වැනි දිනක සාජාහිදී ජයසූරිය පන්දු 161කින් ලකුණු 189 ලබා ගෙන පිහිටවූ වාර්තාව

Sports News

2000 වසරේ අද වැනි දිනක පැවැත්වූ Coca-Cola Champions Trophy තුන්කොන් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සාජාහිදී පැවති අවසන් මහා තරඟයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක සනත් ජයසූරිය මහතා සිය ක්‍රිකට් දිවියේ හොඳම වාර්තාගත ලකුණු 189ක් රැස්කරමින් පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 117.39ක පිතිකරන වේගයක් සමඟින් ඉන්දියාවට එරෙහිව අවසන් මහා තරගයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේය.

සනත් ජයසූරියගේ ලකුණු 189 එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම නායකයෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වූ අතර එය 1999 දී හයිද්‍රාබාද්හිදී නවසීලන්තයට එරෙහිව සචින් ටෙන්ඩුල්කාර් විසින් තබා ඇති ලකුණු 186* වාර්තාව අභිබවා ගියේය. අදටත් ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසය තුල එක්දින තරඟයකදී නායකයෙකු විසින් ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව සනත් ජයසූරියගේ ලකුණු 189 වේ.

සනත් ජයසූරිය ලබාගත් ලකුණු 189 ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින ජාත්‍යන්තර තරගවලදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ අතර එය 1997 දී මුම්බායිහිදී ඉන්දියාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 151 ක ඔහුගේම වාර්තාව අභිබවා ගියේය.

සනත් ජයසූරිය ක්‍රිකට් දිවියට සමුදී වසර ගන නාවක් ගත වුවත් අදටත් සාජාහි ඔහුගේ ලකුණු 189 වාර්තාව බිදදැමීමට කිසිම පිතිකරුවෙකු සමත නොවීය. එකල පන්දුයවන්නන් ගේ බියකරු සිහිනය සනත් ජයසූරියම විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයට රැගෙන ගිය සනත් ජයසූරිය මහතාට අපි දිර්ඝායු පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *