තරග තහනමට ලක්වූ ක්‍රීඩකයින් නැවතත් ක්‍රිකට් පිටියට පිවිසීමට සුදානම්

Sports News

පසුගිය එංගලන්ත සංචාරය අතරතුරදී විනය විරෝධී හැසිරීම නිසා වසරක තරඟ තහනමකට සහ ලක්ෂ 100කට අධික දඩ මුදලක් ගෙවීමට සිදු වූ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් තිදෙනාට මෙවර ලංකා ප්රිමියේ ලිග් ක්‍රිකට් තරඟාවලිය නියෝජනය කිරීමට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ලබාදී ඇති බවට වාර්ථා වෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර දෙසැම්බර් 4 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර දෙවන අදියර කණ්ඩායම් 5 කින් සමන්විත වන අතර එක් කණ්ඩායමක් සදහා දේශීය ක්‍රීඩකයින් 14 ක් සහ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් කර ගැනීමට හැකියාව ඇත.

දික්වැල්ල, මෙන්ඩිස් හා ගුණතිලක යන ක්‍රීඩකයන් තිදෙනා නියමිත දඩ මුදල් ගෙවා තිබීම හා උපදේශනය පිළිබඳව වෛද්‍ය වාර්තාව අපේක්ෂාවෙන් සිටින හෙයින් ඔවුන් තිදෙනා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියට ඇතුලත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා සදහන් කොට ඇත. ඒ අනුව එහිදී ඔවුන්ව කණ්ඩායම් හිමිකරුවන් විසින් තෝරාගතහොත් නැවතත් ක්‍රිකට් පිටියට පිවිසීමේ අවස්ථාව ඔවුනට උදාවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *