ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලියේ තරඟ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් ජාතික කණ්ඩායමට තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා සත්කාරකත්වය සපයනු ඇත. බටහිර ඉන්දීය කොදෙව් ජාතික කණ්ඩායම 2021 නොවැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.

2019-2021 දක්වා පැවති ලෝක ටෙස්ට් තරගාවලින් තුල ශ්‍රී ලංකාව 7 වන ස්ථානයට පත්වූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 8 වන ස්ථානයේ පසුවෙයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාව සමග පසු ගිය වසරේ ටෙස්ට් තරඟ දෙකක් සඳහා සත්කාරක වූ අතර එය මේ වසරේ මාර්තු/අප්‍රේල් මාස වලදී 0-0 ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකාව සමගින් තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය නොවැම්බර් මස 21වනදා ආරම්භ වනු ඇත. පළමු ටෙස්ට් තරගය නොවැම්බර් මස 21 සිට 25 තෙක්ද දෙවන තරගය නොවැම්බර් 29සිට දෙසැම්බර් 3 දක්වාද පැවැත්වෙයි. මෙම තරග 2කම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *