මෙවර ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවේ

Sports News

මේ වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර එළඹෙන දෙසැම්බර් මස 4 වෙනිදා සිට 23 දක්වා මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාන්ගනයේ පැවැත්වීමට නියමිතයි. මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් තරග නැරඹීමට ප්‍රෙක්ෂකයන්ට අවස්ථාව අහිමිවිය එයට හේතුව රටේ පැවති කොරෝනා වසන්ගතය නිසාවෙනි නමුත් එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ප්‍රෙක්ෂකයන්‍ට නැරඹීමට අවස්ථාව ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය twitter පණිවිඩයක් හරහා දක්වා ඇත්තේ මෙය ක්‍රීකට් ප්‍රේක්ෂකයින්ට ඉතා හොද පණිවිඩයක් බවයි. නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමින් කරමින් ක්‍රීකට් ප්‍රේක්ෂකයින්ට මෙම අවස්ථාව සැළසෙන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබුනා. එන්නත්කරණය සම්පුර්ණ කළ ප්‍රේක්ෂකයින්ට මෙම අවස්ථාව හිමි වන බව ද එම twitter පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සුභදායී පුවතකි, කාලයක් පටන් ශ්‍රී ලංකාවේ පැවති කිසිදු තරඟයක් නැරඹීමට ශ්‍රී ලංකා ප්‍රෙක්ෂකයන්ට නොහැකි විය, එයට හේතුව රට තුල පැවති කොරෝනා වසන්ගතයයි, එළඹෙන ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් තරගාවලිය නිසි සෞඛ්‍යය ක්‍රම වේදයන්ට යටත්ව ප්‍රෙක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව උදා වී ඇත. මෙවර ලංකා ප්‍රිමිය ලීග් තරගාවලිය ලොව පුරා සිටින සුපිරි ක්‍රිකට් තරු ක්‍රිඩා කිරිමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *