සුපිරි පිතිකරු ඩේවිඩ් මිලර් ඔහුගේ හොඳම T20 කණ්ඩායම නම් කරයි

Sports News

දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ඩේවිඩ් මිලර් ඉන්දියානු ප්‍රිමිය ලීග් තරගාවලිය අතරතුර පැවති රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහුගේ හොඳම විස්සයි විස්ස කණ්ඩායම නම් කළේය. ඔහුගේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස ඔහුගේ සගයා වූ ඒබී ඩිවිලියර්ස් නම් කරන ලද අතර, එම සංචිතයේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් පස් දෙනෙකු, ඉන්දියානුවන් සහ බටහිර ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් සහ ඕස්ට්‍රේලියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් එක් අයෙකු බැගින් ඇතුළත් විය.

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී සහ දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක ඩේල් ස්ටේන් ඇතුළුව, ඔහු තම කණ්ඩායමේ තෙවැනි වේග පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග තෝරා ගත්තේය. ඔහු ඉම්රාන් තාහීර් දඟ පන්දු යවන්නෙකු ලෙස ඇතුළත් කළ අතර, ඔහු බටහිර ඉන්දීය කොදෙව් කීරන් පොලාඩ් සහ ඉන්දියාවේ යුවරාජ් සිං ඔහුගේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස තෝරා ගත්තේය.

ඩේවිඩ් මිලර් ගේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙස ක්‍රිස් ගේල් සමගින් ක්වින්ටන් ඩි කොක් තෝරා ගත් අතර, නොම්බර තුනේ ස්ථානයට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි ඇතුළත් කළේය. කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙපල වශයෙන් බ්‍රෙට් ලී සහ ලසිත් මාලිංග නම් කළේය.

ඩේවිඩ් මිලර්ගේ හොඳම විස්සයි විස්ස කණ්ඩායම පහත පරිදි පෙළගැස්විය හැක, ක්‍රිස් ගේල්, ක්වින්ටන් ඩි කොක් (WK), විරාත් කෝලි, ඒබී ඩිවිලියර්ස්(C), යුවරාජ් සිං, ලාන්ස් ක්ලූස්නර්, කිරන් පොලාර්ඩ්, ඩේල් ස්ටේන්, ලසිත් මාලිංග, ඉම්රාන් තහීර්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *