තියුණු තරඟයකින් පසු දකුණු අප්‍රිකාවට කඩුලු 4ක විශිෂ්ට ජයක්

Sports News

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු යම්තාක් දුරකට අවම මට්ටමකට පත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවිය.

ඒ අවසන් පන්දු 6 දී ලකුණු 15 ක් ලබා ගැනීමේ අභියෝගයේදී ළහිරු කුමාරගේ පිට පිට පන්දු දෙකකදී හයේ පහර දෙකක් එල්ල කිරීමට ඩේවිඩ් මිලර් සමත්වීම මත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 4 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු පිල ඊයේ සමත්විය. ලේසියෙන් ජයග්‍රහණය කිරිමට තිබූ තරඟයක් එසේ පරාජයට පත් වීමට හේතුව නම් කණ්ඩායමේ නායකයාගේ වගකීම් විරහිත ක්‍රියා කලාපයයි, ලහිරු කුමාරට වේගයෙන් පන්දුව යොමු කල හැකි වුවත් ඔහුට තීරණාත්මක අවසන් ඕවරයක් ක්‍රියාත්මක කල නොහැක, එය ඊයේ මනාවට පැහැදිලි උනා.

සාජා ක්‍රීඩාංගනයේ ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ, ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 142ක් වාර්ථා කිරිමට සමත්විය. හුදකලා ඉනිමක නිරත වූ පැතුම් නිශ්ශංක අගනා ලකුණු 72 ලබාගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහි බලාපොරොත්තු ඇති කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදී යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *