හෙට එංගලන්තය සමඟ තීරණාත්මක තරඟයට ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

Sports News

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 ගේ වටයේ මුහුණදෙන මිළග තරඟය නොවැම්බර් 1 දා එනම් හෙට දින එංගලන්තයට එරෙහිව සාජාහිදී පැවැත්වීමට නියමිතයි. සුපිරි 12 වටෙයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පස්වන තරඟය නැතහොත් අවසන් තරඟය නොවැම්බර් 4 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අබුඩාබිහීදීද තරග වදිනු ඇත. ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට මෙම තරඟ දෙකම ජයග්‍රහණය කිරිම අනිවාර්ය වේ.

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේදී අවසන් පන්දු 6 දී ලකුණු 15 ක් ලබා ගැනීමේ අභියෝගයේදී ළහිරු කුමාරගේ පිට පිට පන්දු දෙකකදී හයේ පහර දෙකක් එල්ල කිරීමට ඩේවිඩ් මිලර් සමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය. ජයග්‍රහණය පෙනි පෙනි තිබූ මොහොතක ලහිරු කුමාරගේ වගකීම් විරහිත පන්දු යැවිම නිසා දකුණු අප්‍රිකානු කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය කළේය.

එමෙන්ම හෙට පැවැත්වෙන තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම සිය වැරදි නිවරදි කරගෙන පැමිණෙනු ඇත. කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා ලෙස දුෂ්මන්ත කටයුතු කරයි, ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙස වනිදු හසරන්ග කටයුතු කරයි, කණ්ඩායමේ ලොකු වෙනසක් අපේක්ෂා කළ නොහැකි අතර බොහෝ විට ලහිරු කුමාර වෙනුවට වෙනත් වේගපන්දු යවන්නෙක් ආදේශ කිරිමට ඉඩ ඇත.

සුපිරි කණ්ඩායම් 12 යටතේ තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන හතරවන තරඟයට වෙනස්කම් සමගින් ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක.

1. කුසල් ජනිත් පේරේරා

2. පැතුම් නිශ්ශංක

3. චරිත් අසලන්ක

4. අවිශ්ක ප්‍රනාන්දු

5. භානුක රාජපක්ෂ

6. දසුන් චානක

7. වනිදු හසරංග

8. චාමික කරුණාරත්න

9. මහීෂ් තීක්ෂන

10. බිනුර ප්‍රනාන්දු

11. දුෂ්මන්ත චමීර

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *