තියුණු තරඟයකින් පසු එංගලන්ත කණ්ඩායමට අතිවිශිෂ්ට ජයග්‍රහණයක්

Sports News

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තුව බොඳ කිරිමට ඊයේ එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ, ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 26ක ජයක් ලැබීමත් සමගයි.

සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4ක් දැවී ලකුණු 163ක් රැස් කරමින්. පළමු ඕවර දහය තුල අසාර්ථක වූ එංගලන්ත කණ්ඩායම ඉන් පසු අවසන් ඕවර 10 තුල ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට පහර පිට පහර එල්ළ කරමින් අගනා ලකුණු 116 රැස් කිරිමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි. දිගින් දිගටම අසාර්ථක වූ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ඊයේ තරඟයේදිත් අසාර්ථක විය, ආරම්භක පිතිකරුවන් ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපයත්, වේගපන්දු යවන්නන් නිසි පාලනයකින් ක්‍රිඩා නොකල නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලොක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීම සිහිනයක් පමණක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *