වනිඳු T20 ලෝක කුසලාන වල කඩුලු ත්‍රිත්වයක් ලබාගත් තුන්වැනි පන්දු යවන්නා බවට පත්වෙයි

Sports News

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගත් තුන්වැනි පන්දු යවන්නා බවට පත්ව ඇති අතර, සමස්තයක් ලෙස ජාත්‍යන්තර විස්සයි20 තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගත් 23 වැනි පන්දු යවන්නා බවට පත්ව ඇත, විස්සයි විස්ස ලෝක ශේණිගත කිරිම්වල දෙවන ස්ථානයේ පසුවන වනිදු හසරංගට විස්සයි විස්ස ශේණිගත කිරිම්වල පළමු ස්ථානය හිමිකර ගැනිමට අවශ්‍ය ඇත්තේ ඉතා සීමිත කඩුලු ප්‍රමාණයකි.

ඕස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී විස්සයි විස්ස ලෝක කුසලාන තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පළමු ක්‍රීඩකයා වන අතර දෙවැනි ක්‍රීඩකයා වන්නේ අයර්ලන්තයේ කර්ටිස් කැම්පර් ය. බ්‍රෙට් ලී 2007 වසරේ බංගලාදේශයට එරෙහිව කේප්ටවුන්හිදී පැවැති T20 ලෝක කුසලාන තරගාවලියේදී විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වය ලබා ගත්තේය.

මේ අතර, ඔක්තෝබර් 18 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පැවති ICC පිරිමි T20 ලෝක කුසලාන 2021 තරගයේදී කර්ටිස් කැම්පර් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේය. ඔහු T20 ලෝක කුසලානයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගත් දෙවන පන්දු යවන්නා බවට පත් වූ අතර ශ්‍රී ලංකාවේ වනිදු හසරංග එම දක්කම දැක්වූ තුන්වන ක්‍රිඩකයා බවට පත්විය.

විස්සයි විස්ස ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී වනිඳු හසරංග 15 වැනි ඕවරයේ අවසන් පන්දුවාරයේදී ඒඩන් මාක්‍රම්ගේ කඩුල්ල දවා ගත්තේය. අනතුරුව 18 වැනි ඕවරයේදී දසුන් ශානක අතට උඩ පන්දුවක් දෙමින් ඔහු පළමු පන්දුවේදී නායක ටෙම්බා බවුමාගේත් ඊළඟ පන්දුවේදී ඩ්වේන් ප්‍රිටෝරියස්ගේත් කඩුලු දවා ගැනීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *