මෙතෙක් තරගාවලියේ කවුරුත් නොදුන් අභියෝගයක් අපට ශ්‍රී ලංකාව ලබාදුන්නා

Sports News

එංගලන්ත නායක එයන් මෝගන් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය යටතේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් ලකුණු 26 ක ජයක් කරා එංගලන්ත කණ්ඩායම රැගෙන ගියේය. මෙම ජයග්‍රහණයත් සමඟ මෙවර තරගාවලියේ අවසන් පූර්ව තරග වරම් දිනාගත් පළමු කණ්ඩායම බවටද එංගලන්ත පිල පත්විය.

ජයග්‍රහණයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී නායක එයන් මෝගන් මාධ්‍ය වෙත මෙළෙස අදහස් දක්වන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඔවුන්ගේ ප්‍රමාණයට වඩා ඉහලින් සටන් කරලා තියනවා. ඒ නිසා ඔවුන් මෙතක් අත් කරගත් දේ ගැන ඔවුන් ඇත්තටම ආඩම්බර විය යුතුයි. එමෙන්ම මෙතෙක් තරගාවලියේ කවුරුත් නොදුන් අභියෝගයක් අපට ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන්නා.

ලෝකේ වැඩිම T20 තරඟ ජයග්‍රහණය කරපු නායක ඕයින් මෝගන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන දරන්නේ මෙවන් අදහස්, නැවතත් ලබන වසරේ ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට නියමිතයි. මේ ලෝක කුසලාන තරගාවලියේ දී සිදුවූ වැරදි නිවරදි කරගෙන, එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සුදානම් වෙන්න අපේ කණ්ඩායමට පුලුවන්. ගොඩක් තරුණ ක්‍රිඩකයින් මේ කණ්ඩායමේ ඉන්නේ කණ්ඩායමේ ගොඩක් ක්‍රිඩකයන්ගේ පළවෙනි ලෝක කුසලාන අත්දැකීම මේක. ඉතින් මේ දේවල් තවත් වැඩිදියුණු කරගෙන හොද කණ්ඩායමක් වශයෙන් ඉදිරියට යෑමයි කළ යුත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *