හෙට කොදෙව්වන් සමඟ තීරණාත්මක තරඟයට ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

Sports News

ඊයේ බංග්ලාදේශය කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවුනා, ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ මුහුණදෙන අවසන් තරඟය හෙට රාත්‍රි 7.30 ට ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.

පළමු කාණ්ඩයේ අවසන් පුර්ව තරඟයට ස්ථානයක් වෙන්කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාව , දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තවමත් සටන්කාමීත්වයක් පවතිනවා කෙසේ හෝ හෙට තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ද ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වෙනවා.

එමෙන්ම හෙට පැවැත්වෙන තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම සිය වැරදි නිවරදි කරගෙන පැමිණෙනු ඇත. කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා ලෙස දුෂ්මන්ත කටයුතු කරයි, ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙස වනිදු හසරන්ග කටයුතු කරයි, කණ්ඩායමේ ලොකු වෙනසක් අපේක්ෂා කළ නොහැකි අතර බොහෝ විට ලහිරු කුමාර වෙනුවට වෙනත් වේගපන්දු යවන්නෙක් ආදේශ කිරිමට ඉඩ ඇත.

සුපිරි කණ්ඩායම් 12 යටතේ තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන අවසන් තරඟයට වෙනස්කම් සමගින් ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක.

1. කුසල් ජනිත් පේරේරා

2. පැතුම් නිශ්ශංක

3. චරිත් අසලන්ක

4. අවිශ්ක ප්‍රනාන්දු

5. භානුක රාජපක්ෂ

6. දසුන් චානක

7. වනිදු හසරංග

8. චාමික කරුණාරත්න

9. මහීෂ් තීක්ෂන

10. බිනුර ප්‍රනාන්දු

11. දුෂ්මන්ත චමීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *