ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ශතක ලාභීන්ගේ ලැයිස්තුව

Sports News

ICC පිරිමි T20 ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ශතකය වාර්තා කළේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් විසිනි. ඒ 2007 සැප්තැම්බර් 11 වන දින සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියේ දීය.

ජාත්‍යන්තර T20 ලෝක කුසලාන තරඟවල මෑතකාලීනව ක්‍රීඩකයින් 8 දෙනෙකු විසින් ශතක 9ක් රැස් කර ඇත. ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ශතක දෙකකට හිමිකම් කියන එකම පුද්ගලයා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් ය.

ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයක ලකුණු 100 ලබාගැනීම එතරම් පහසු කාර්යක් නොවේ, එයට ඉවසීම, දක්ෂතාවය, නොඅඩුව තිබිය යුතුයි, ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ශතක 9 ක් වාර්ථා වේ. එම ශතක ලාභීන්ගේ ලැයිස්තුව මෙසේ පෙළගැස්විය හැක.

1. පළමු ශතකය ක්‍රිස් ගේල් විසින් 2007 වර්ෂයේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් ලකුණු 117 යි.

2. දෙවන ශතකය මහේල ජයවර්ධන විසින් 2010 වර්ෂයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 110 යි.

3. තුන්වන ශතකය සුරේෂ් රයිනා විසින් 2010 වර්ෂයේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් ලකුණු 101 යි.

4.  හතරවන ශතකය බ්‍රෙන්ඩන් මැකලම් විසින් 2012 වර්ෂයේ ලබාගත් ලකුණු 123 යි.

5. පස්වන ශතකය අහමඩ් ෂෙසාඩ් විසින් 2014 වර්ෂයේ බංගලදේශ කණ්ඩායමට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 111 යි.

6. හයවන ශතකය තමීම් ඉක්බාල් විසින් ඕමානයට එරෙහිව 2014 වර්ෂයේ නොදැවී ලබාගත් ලකුණු 103 යි.

7. හත්වන ශතකය ඇලෙක්ස් හේල්ස් විසින් 2014 වර්ෂයේ ශ්‍රී ලංකාව එරෙහිව ලබාගත් ලකුණු 116 යි.

8. අටවන ශතකය ක්‍රිස් ගේල් විසින් එංගලන්තයට එරෙහිව 2016 වර්ෂයේ නොදැවී ලබාගත් ලකුණු 100 යි.

9. නමවන ශතකය ජොස් බට්ලර් විසින් ශ්‍රී ලංකාව එරෙහිව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ලබාගත් ලකුණු 101 යි, එම හේතුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන ශතක ලාභීන්ගේ ලැයිස්තුවට එක්විමට ජොස් බට්ලර් හට මෙම වසරේ හැකිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *