වනිදු ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි ලෝකෙන්ම අංක 1 බවට පත්වෙයි

Sports News

වර්තමානයේ වඩාත් කතා බහකට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ වනින්දු හසරංග ආක්‍රමණශීලී මැද පෙළ පිතිකරුවෙකු මෙන්න පා දඟ පන්දු යවන තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රිඩකයෙක් වන අතර ඔහු සිය ජාත්‍යන්තර වෘත්තීය දිවිය ආරම්භ කරන්නේ 2017 ජුනි මාසයේදී එක්දින තරගයකදීය. සිය පළමු තරගයේදී ම සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේය. ඒ සියල්ල වයස අවුරුදු 19 දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහුගේ දක්ෂතාය. අද වන විට වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 1 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. ඔහු මීට පෙර එහි රැදී සිටියේ 2 වැනි ස්ථානයේය.

වනිදු හසරංග ජාත්‍යන්තර විස්සයි විස්ස ශේණිගත කිරිම්වල පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ පන්දු යවන්නන්ගේ වර්ගීකරණයේ ප්‍රසාද ලකුණු 776 ක් ලබා ගනිමිනි. මේ අනුව මෙතෙක් කලක් මෙම වර්ගීකරණයේ පළමු ස්ථානයේ රැදි සිටියේ දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රිඩක තබ්‍රේස් ශම්සි විසිනි. ඔහු මෙවර විස්සයි විස්ස ශේණිගත කිරිම්වල ප්‍රසාද ලකුණු 770 හිමිකර ගනිමින් දෙවන ස්ථානයට පත් වී තිබෙනවා.

වසර දහයකට පසුව ශ්‍රී ලංකික ක්‍රිඩකයෙක් ජගත් ක්‍රිකට් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශේණිගත කිරිම් වල පළමු ස්ථානය හිමිකර ගැනිමට සමත්විය. අවසන් වරට T20 ශ්‍රේණිගත කිරීම් වල මුල් ස්ථාන අතරට පැමිණි ශ්‍රී ලාංකිකයා වන්නේ 2011 වසරේ පළමු තැනට පැමිණි අජන්ත මෙන්ඩිස්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *