වනිඳුවගේ ක්‍රීඩකයින් බිහිවෙන්නේ හරිම කලාතුරකින් – ෆර්වීස් මහරුෆ්

Sports News

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දුයවන්නෙක්, නායකයෙක් මෙන්න වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරන ෆර්වීස් මහරූෆ් මහතා ඊයේ පැවති ThePapare.com මෙහෙයවන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ජාත්‍යන්තර විස්සයි විස්ස ශේණිගත කිරිම්වල පළමු ස්ථානය හිමිකරගත් වනිදු හසරංග ගැන ඔහුගේ දක්ෂතා, ඔහුගේ ක්‍රිකට් අනාගතය පිළිබඳව මෙළෙස අදහස් ප්‍රකාශ කළේය

වනිදු හසරංග වගේ ක්‍රිකට් ක්‍රිඩකයින් බිහිවන්නේ බොහෝම කලාතුරකින්, මොහුව හරියට පාවිච්චි කරන්න ඕනි. එයා පසුගිය අවුරුදු එකහාමාරක කාලය තුල කණ්ඩායමට ගොඩක් ජයග්‍රහණය අත්පත් කර දුන්නා. ඔහු පන්දුවෙන්, පිතිකරනයෙන් කණ්ඩායමට විශාල සේවයක් කරලා තියෙනවා. ඔහුට පුලුවන් තරඟයක් වෙනස් කරන්න යනුවෙන් මහරුෆ් මහතා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ අද පැවැත්වෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ජයග්‍රහණය කිරිමට ගොඩක් වැදගත් වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට 2022 ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබිමේ වටයකට මුහුණ දීමකින් තොරව ලෝක කුසලානයට පිවිසීමට , අද තරඟය ජයග්‍රහණය කිරිම තුලින් ශ්‍රී ලංකා කණ්ඩායම හැකියාව පවතිනවා ජාත්‍යන්තර විස්සයි විස්ස ශේණිගත කිරිම්වල 8 ස්ථානය දක්වා පැමිණිමට මෙම තරගය පැවැත්වෙන්නේ අබුඩාබි වල නිසා වේගපන්දු යවන්නන්ට ලොකු වගකිමක් තියෙනවා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *