ඉන්දියානු නායක විරාත් කෝලි වනිඳු හසරංග ගැන කියූ කතාව – සම්පූර්ණ විස්තරය

Sports News

ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ වනිදු හසරංග දැක්වූ දස්කම් ඉන්දීය නායක විරාත් කෝලිගේ පැසසුමට ලක්ව ඇත. සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් කෝලි ප්‍රකාශ කළේ හසරංග ඉතා දක්ෂ බවත් මෑතක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතා හොඳින් ක්‍රීඩා කළ බවත්ය.

ඔහුට ඔහුගේ දක්ෂතා ගැන හොඳ පාලනයක් ඇත. ඔහු පන්දු යවන්නේ වෙනත් පන්දු යවන්නන් හා සසඳන විට ඉතා වෙනස් කෝණයකින්, එය තරමක් පහත් ගමන් පථයක් වන අතර එය කියවීමට සහ අල්ලා ගැනීමට තරමක් අපහසුය යනුවෙන් කෝලි පැවසීය.

වනිදු හසරංගට පිතිකරණ හැකියාවක් ඇති බවත් ඔහු දක්ෂ පන්දු රකින්නෙකු බවත් ප්‍රකාශ කළ ඉන්දීය නායකයා ඔහු ශ්‍රී ලංකාවට තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන සුපිරි ක්‍රිඩකයෙක් ලෙස නම් කළේය.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගත් තුන්වැනි පන්දු යවන්නා බවට පත්ව ඇති අතර, සමස්තයක් ලෙස ජාත්‍යන්තර විස්සයි20 තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගත් 23 වැනි පන්දු යවන්නා බවට පත්ව ඇත, විස්සයි විස්ස ලෝක ශේණිගත කිරිම්වල පළමු ස්ථානයේ පසුවන්නේත් වනිදු හසරංගයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *