කොදෙව්වන්ට එරෙහිව පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 20 ක විශිෂ්ට ජයක්

Sports News

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් තරගය ඊයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පැවැත්වූ අතර තරගයේදී කාසියේ වාසිය අහිමි වුවද පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ දී කණ්ඩායමක් වාර්තා කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් වුණේ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 189ක් රැස් කරමිනි.

ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 42කට සීමා කරමින් කුසල් ජනිත් ලකුණු 29කට දැවී ගියා. ඉන්පසු පිටියට පිවිසි චරිත් අසලන්ක, පැතුම් නිශ්ශංක හා එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 91 විශිෂ්ට සබඳතාවක් ගොඩනැගිය.

කණ්ඩායම පැතුම් නිශ්ශංක කෙරෙහි තැබූ විශ්වාසයට උපරිම සාධාරණයක් කරමින් පැතුම් ලකුණු 51ක් පන්දු 41කින් ලබා ගත් අතර, චරිත් පන්දු 41කින් ලකුණු 68ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන විට චරිත් අසලංක කණ්ඩායමේ නිසියාකාර ස්ථානයක් හිමිවූයේ නැත. ඔහු වෙනුවට නොම්බර තුනේ ස්තානයේ ක්‍රිඩා කලේ දිනේෂ් චන්දිමාල් විසිනි අනතුරුව පළමු තරග දෙකේදීම අසාර්ථක වූ දිනේෂ් චන්දිමාල් වෙනුවෙන් ඔහු අංක 3 ස්ථානයට පැමිණියේය. එතැන් පටන් ඔහු ලකුණු 8, 80*, 35, 21, 12, සහ 68ක් ලෙසින් ලකුණු රැස් කොට ඇත තරුණ ක්‍රිඩකයෙක් වුවත් චරිත් ක්‍රිඩා කරන්නේ දක්ෂ පළපුරුදු ක්‍රිඩකයෙක් ලෙසිනි, මෙතෙක් කණ්ඩායමේ දුර්වල තාවයක්ව පැවති නොම්බර තුනේ ස්ථානයට සාර්ථකම පිතිකරු ඔහු බව චරිත් අසලන්ක ඔප්පු කර හමාරය දැනට විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා වන්නේද චරිත් අසලන්කයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රි ලංකා කන්ඩායම සහභාගි වූ අවසාන තරගය ගියවර ලෝක ශූරයින් වූ කොදෙව් කන්ඩායම පරාජය කරමින් මෙවර ලෝක කුසලාන ගමන් මගේ ජයග්‍රාහී නිමාවක් සනිටුහන් කරන්නට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රි ලංකා කන්ඩායමට හැකිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *