ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන කියූ කතාව මෙන්න

Sports News

ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ මඟපෙන්වීම යටතේ තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට අපොහොසත් වුවත්, පැවති තරඟ සියල්ලම සාර්ථකව අවසන් කළේය, එමෙන්ම ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත්, බංගලදේශ කණ්ඩායමත් පරාජයට පත්කල ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වු සියලු තරඟ අනෙකුත් කණ්ඩායම් වලට අභියෝගයක් එල්ළ කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම හැකිවිය, මේ තරුණ ක්‍රිඩකයින්ගේ දක්ෂතා පිළිබඳව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

මම මීට පෙරත් සඳහන් කර තියෙනවා අපේ කණ්ඩායමේ දුර්වලම තරඟ රටාව විස්සයි විස්ස කියලා. නමුත් පසුගිය කාලයේදී මේ තරුණ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන ආකාරය පිළිබඳව මම ගොඩාක් සතුටු වෙනවා.
මේ ක්‍රීඩකයින්ට ලොකු උවමනාවක් තියෙනවා තරඟ ජයග්‍රහණය කරන්න.

ඔවුන් මෙවර ලෝක කුසලානයේ ක්‍රීඩා කල අවසාන තරගය ජයග්‍රහිව අවසන් කලා.මෙම ක්‍රීඩකයින් ගොඩ නැගෙමින් සිටින්නේ, ශ්‍රි ලාංකිකයින්ට මේ ක්‍රීඩකයින් පිලිබඳව ගොඩාක් ආඩම්බර වෙන්න පුළුවන්. ශ්‍රි ලංකා ක්‍රිකට් හොද තැනකට යමින් තිබෙනවා. මේ සියල්ලගේ ප්‍රතිඵල තවත් වසරකින් දෙකකින් සියලුම දෙනාට බලන්න පුළුවන් වේවී.

මම ශ්‍රි ලංකාව සමග කල සියලුම දේ පිළිබඳ ගොඩාක් සතුටු වෙනවා. ශ්‍රි ලංකාවට මම ආදරෙයි වගේම ශ්‍රි ලාංකීකයින්ටත් මම ගොඩාක් ආදරෙයි. නැවතත් කියනවා මේ ක්‍රීඩකයින්ට හොද අනාගතයක් තියෙනවා.
අවශ්‍ය වන්නේ එම ක්‍රීඩකයින්ට අවස්ථාව දෙමින් ක්‍රීඩා කිරීම පමණයි යනුවෙන් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *