ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන කියූ කතා

Sports News

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයේ මුහුණදුන් අවසන් තරඟය බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාව සිය විස්සයි විස්ස ලෝක කුසලාන සටන ජය ගනිමින් අවසන් කළේය. අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වුවද, යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලිය පුරාම ඔවුන්ගේ උද්යෝගිමත් පෙරනිමිති ගැන බොහෝ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් විස්තර විචාරකයින්ගේ පැසසුමට ලක් විය.

ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ඉයන් බිෂොප් පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිවැරදි දිශාවට දැඩි ලෙස සංවර්ධනය වෙමින් පවතින කණ්ඩායමක් බවයි ඔවුන් ඉදිරි වසර කිහිපය තුළ ක්‍රිකට් ක්‍රිඩාවේ පෙරළියක් සිදු කරන බවට ඔහු ප්‍රකාශ කරයි.

මීළඟ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් සංවර්ධනය වෙමින් පවතින බව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක සයිමන් ඩූල් විශ්වාස කරයි.

එමෙන්ම චරිත් අසලංක, නිශ්ශංක වැනි ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා දකින්නට අපූරුයි. රාජපක්ෂලා, හසරංගලා, චමීරලා, කරුණාරත්නලා, තීක්ෂණලා එකතු කරලා ගොඩනගන්න ලොකු පදනමක් තියෙනවා යනුවෙන් ප්‍රවීණ ඉන්දීය විචාරක හර්ෂ බෝග්ලේ පැවසුවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ නව යුගයක උත්පත්තියේ යමක් අපි නරඹනවාක් මෙන් දැනේ. හසරංග, අසලංක, තීක්ෂණ, රාජපක්ෂ, කුමාර සහ චමීර යන සියලු දෙනාම විචිත්‍රවත් දක්‍ෂයෝ යැයි ක්‍රිකට් විශ්ලේෂක ෆ්‍රෙඩී වයිල්ඩ් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *