ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නන් 5 දෙනාගේ ලැයිස්තුව

Uncategorized

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ සුවිශේෂී ස්ථානයක් හිමිවන ක්‍රිඩකයින් ලෙස වේගපන්දු යවන්නන් හැදින්විය හැක. ලොව ඉහළ පෙලේ ක්‍රිකට් කණ්ඩායම් සතුව සුපිරි වේගපන්දු යවන්නන් සිටින අතර ඔවුන් ලොව සුපිරි පිතිකරුවන්ට පවා තර්ජනයක් වූ අතර ක්‍රිකට් ක්‍රිඩාවේ ත්‍රාසය තවත් වැඩි කිරිමට මෙම වේගපන්දු යවන්නන් සමත්විය.

සාමාන්‍ය විවහාරයේ හැටියට ක්‍රිකට් ලොව පිළිගන්නා කරුණක් වන්නේ ලොව හොදම දඟ යවන්නන් ආසියානු රටවල් වලින් බිහිවන බවත්, ලොව හොදම වේගපන්දු යවන්නන් ආසියාවෙන් පිට රටවල් වලින් බිහිවන බවත්ය.

ලොව එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නන් ලෙස සැලකෙන්නේ පකිස්ථානයේ ෂොයිබ් අක්තාර්, ඕස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී, ෂෝන් ටේට් වැනි ක්‍රිඩකයන්ය. ඔවුන්ගේ විශේෂත්වය නම් මෙම ක්‍රිඩකයන් පැයට කිලෝමීටර් 160 වඩා වේගයකින් පන්දු යැවිමට හැකිවිමයි.

ශ්‍රී ලන්කාවේන් බිහිවුන වේගපන්දු යවන්නන් ඉදිරියේ ද ලොව නම් දැරූ ප්‍රහාරාත්මක පිතිකරුවන් දණ ණැමූ අතර කලක් ලොව හොදම වේගපන්දු යවන්නා ලෙස පත්විමට නුවන් කුලසේකර සමත්විය. ඔහුගේ විශේෂත්වය නම් ඔහුට පන්දුව රිසිසේ Seam කළ හැකි වීමයි. Seam පන්දු යැවීම යනු ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යැවීමේ තාක්‍ෂණයකි, එමඟින් පන්දුව පතිත වන විට පන්දුව අපගමනය වීම සඳහා පන්දුව හිතාමතාම seam කර පහසුවෙන් තමාට අවශ්‍ය තැනට පන්දුව පතිත කළ හැකි වීමයි. එමගින් පිතිකරුවන් දවා ගැනිමට පුලුවන.

එදා මෙදා තුර ශ්‍රී ලංකාවේන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නන් පස් දෙනා මෙසේ පෙළගැස්විය හැක. මොවුන් පස් දෙනාට අමතරව ශ්‍රී ලංකාවේන් බිහිවූ විශිෂ්ට වේගපන්දු යවන්නන් රාශියක් ඇත, මෙම ලිපිය මගින් අනාවරණය කිරන්නේ විෂිශ්ඨයින් අතර අතිවිශිෂ්ටයින් වූ වේගපන්දු යවන්නන් පස්දෙනෙක් ගැනයි.

1. චමින්ද වාස්

2. ලසිත් මාලිංග

3. නුවන් කුලසේකර

4. ඇන්ජිලෝ මැතිව්ස්

5. ඉසුරු උදාන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *