T20 ලෝක කුසලානයේ වැඩිම ලකුණු හා කඩුළු ලාභීන්ගේ ලැයිස්තුව ශ්‍රී ලංකික ක්‍රිඩකයින් නමට

Sports News

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් ලැයිස්තුවේ පෙරමුණ ගැනිමට ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් දෙදෙනෙකු සමත් විය. මෙය මොවුන්ගේ පළමු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ අද්දැකීම වේ, ලෝකයේ සිටින අද්දැකීම් බහුල ක්‍රිඩකයන් අභිබවමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් පිතිකරුවන් දෙපලක් විසින් මෙවර ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලානයේ දැනට පෙරමුණේ පසුවෙයි.

මේ වන විට එම ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට චරිත් අසලංක සමත්ව තිබෙනවා. ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 231 ක් ඉනිම් 6 කදි චරිත් අසලන්ක මෙම ලකුණු සංඛ්‍යාව ලබා ගත්තේ 46.20 ක පිතිකරන සාමාන්‍යයක් ද රදවා ගනිමිනි. 147.13 ක ලකුණු ලබා ගැනීමේ වේගයක් ද පවත්වා ගැනීමට චරිත් අසලංකට හැකිවී තිබම විශේෂත්වයක්.

එමෙන්ම වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දැනට දෙවන තැන පත්ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ආරම්භ පිතිකරු පැතුම් නිශ්ශංකයි. මෙය ඔහුගේ පළමු ලෝක කුසලාන අද්දැකීම වේ. තේරීම් කමිටුව ඔහුට ලබා දුන් විශ්වාසයට උපරිම සාධාරණයක් කරමින් ඔහු තරග 8 කදී ලකුණු 221 ක් ලබා ගැනිමට සමත්විය, එමෙන්ම මොහු මෙවර අර්ධ ශතක තුනකට ද හිමිකම් කියයි.

වසර දහයකට පසුව ශ්‍රී ලංකික ක්‍රිඩකයෙක් ජගත් ක්‍රිකට් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශේණිගත කිරිම් වල පළමු ස්ථානය හිමිකර ගැනිමට සමත්විය. ඒ වෙනකවුරත් නෙමෙයි දැනට ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දුයවන්නන් ගේ ශේණිගත කිරිම්වල පළමු ස්ථානයේ පසුවන වනිදු හසරංගයි, මෙතෙක් පැවති තරගාවලින් තුල වැඩිම කඩුලු ලාභියා වන්නේද වනිඳු හසරංගයි.

ඔහු මේ වන විට කඩුළු 15 ක් ලබාගනිමින් පන්දුයවන්නන් අතරින් ඉදිරියෙන් සිටීමට සමත්වෙනවා. මෙය ඔවුන්ගේ පළමු ලෝක කුසලාන අද්දැකීම වේ, ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන පැහැදිලි ඉදිරි දැක්මක් ඇති බව කිය හැකිය, මෙම තරුණ ක්‍රිඩකයන් ලබන වසරේ පැවැත්වීමට නියමිතයි ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පෙරළියක් කරනු නොඅනුමානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *