සංගාට සහ ශ්‍රී ලංකාව අසීමිත ලෙස ආදරය කරන ඩේල් ස්ටේන් කියු කතාව

Uncategorized

දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දු යවන්නා වන ඩේල් ස්ටේන් පසුගිය වසරේ විශ්‍රාම යාමට පෙර දශකයකට ආසන්න කාලයක් ලොව පුරා පිතිකරුවන්ට හිසරදයක් වූ අතර, එක්දින සහ ටෙස්ට් යන දෙඅංශයෙන්ම ICC අංක එකේ පන්දු යවන්නා වූ අතර කාලයක් ඔහු ලොව බිහිසුණුම වේග පන්දු යවන්නා විය.

මොහුගේ ක්‍රිකට් ක්‍රිඩාවේ ආරම්භ වූයේ 2004 දී ශ්‍රී ලංකාවේදී වන අතර එය දකුණු අප්‍රිකාවෙන් පිටත ඔහු ක්‍රිඩා කල පළමු අවස්ථාව විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරඟාවලියේදී විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන අතරතුර ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් පිරිසක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ස්ටේන් සිය සොඳුරු මතකයන් මෙසේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව පිළිබඳ මගේ හොඳම ක්‍රිකට් මතකය වූයේ 2004 දීය. ඇත්තෙන්ම එය දකුණු අප්‍රිකාවෙන් පිටත මගේ පළමු සංචාරයයි. ඒ අපේ ‘ඒ’ කණ්ඩායම සමඟයි. මම හොඳම කාලය ගත කළා. මම කොළඹ වෙළෙඳ සංකීර්ණයට ගිහින් පළමු වතාවට DVD තැටි ගත්තා. මම පළමු වතාවට විවිධ ආහාර අනුභව කළෙමි. අපි ඩිල්මාහි තේ වත්තට ගියෙමු ශ්‍රී ලංකාවේ සුන්දර කියා නිම කිරිමට අපහසුය.

මම ශ්‍රී ලංකාවට යන සෑම අවස්ථාවකම මට නැරඹීමට යාමට මම යන්නේ ගාල්ලටයි. ගාල්ලට ගිය මුල්ම දවස නම් නියමයි. මට මතකයි ගාල්ලේ බැම්ම උඩ ගියා. කුඩා මුහුදු වෙරළට ගොස් අසිරිය වින්දා , මම එයට කැමතියි. අපි ක්‍රිකට් වල තරග දිනලා පැරදුනත් මම ගියපු ලස්සනම තැන්වලින් ලංකාව තමයි සුන්දරත්වයෙන් ඉහළම ස්ථානය.

ස්ටේන් ශ්‍රී ලංකාව පිළිබඳ සිය මතකයන් බෙදාහදා ගනිමින් පැවසුවේ ස්ටේන්ගේ පළමු ටෙස්ට් සංචාරය ද ශ්‍රී ලංකාව සමඟින් වූ අතර, එය ඔහුට සුන්දර මතකයක් නොවේ යනුවෙනි එයට හේතුව ශ්‍රී ලංකා කණ්ඩායම මහේල ජයවර්ධන ත්‍රිත්ව ශතකයක් (374) සමඟින් ලකුණු 756 ක් රැස් කළ අතර, කුමාර් සංගක්කාර (287) සමඟින් ඔවුන් දෙදෙනා අදහා ගත නොහැකි ඉනිමක් ක්‍රිඩා කල නිසාය. ස්ටේන් ආරම්භක පිතිකරුවන් වන උපුල් තරංග සහ සනත් ජයසූරිය යන දෙදෙනාම ක්‍රිඩා ගාරයට යැව්වත්, තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 624 ක සම්බන්ධතාවක් මහේල ජයවර්ධන සහ කුමාර සන්ගක්කාර ගොඩනැගූ නිසා එම සංචාරක ඩේල් ස්ටේන් ට අමිහිරි අත්දැකීමකි.

වසර ගණනාවක් පුරා ස්ටේන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සමඟ විශේෂ සබඳතාවක් ගොඩනඟා ගෙන ඇති අතර එහිදී ඔවුන් දෙදෙනාම කණ්ඩායම් කිහිපයකට එකට ක්‍රීඩා කළහ. ඔහු සංගක්කාරට ආදරය කරන බව ස්ටේන් පැවසීය.

 

මම කුමාර් සංගක්කාර සමඟින් ක්‍රීඩා කර ඇති අතර, මට ඔහුව මුලින්ම මුණගැසුණේ ඔහු Warwickshire සඳහා ප්‍රාන්ත ක්‍රිකට් සඳහා පැමිණි අවස්ථාවේදීය. අපි එකම කණ්ඩායමේ සිටින විට, අපි එකිනෙකා හදුනාගත්තේය. යම් හේතුවක් නිසා අපි බොහෝ වාරයක් එකම කණ්ඩායමේ ක්‍රීඩා කර ඇත්තෙමු. අපි Deccan Chargers, Sunrisers එක්ක හිටියා ඊට පස්සේ Jamaica team එකක හිටියා. එතකොට මමත් එයාට විරුද්ධව ගොඩක් සෙල්ලම් කරලා තියෙනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් ස්ටේන් පැවසුවේ ඔහු ලෝකයේ ලස්සනම පුද්ගලයාය. ඔහු ලෝකයේ හොඳම මිනිසා ය. ඔහුගේ ක්‍රිකට් සම්බන්ධයෙන් ගත් කල ඔහු අතිවිශිෂ්ටය යනුවෙන් ඩේල් ස්ටේන් ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *