විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම පන්දුයවන්නන් පස් දෙනා

Sports News

බංගලාදේශයේ ෂකිබ් අල් හසන් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විමත් සමග විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නා බවට පත් වීමට ඔහුට හැකිවිය. එමෙන්ම එම වාර්තාවට කාලයක් පටන් අඛණ්ඩව හිමිකම් කියන ලද්දේ ශ්‍රී ලංකාවේන් බිහිවූ විෂිශ්ඨතම වේග පන්දුයවන්නා වන ලසිත් මාලිංගයි. ලසිත් මාලිංග දෙවැනි තැනට ඇද දමමින් බංගලදේශයේ ෂකිබ් අහ් හසන් පෙරමුණේ පසුවෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ කෙටිම ආකෘතියේ තරග රටාවක් ලෙස විස්සයි විස්ස තරග රටාව හැදින්විය හැක. මෙම තරග රටාව තුල සාර්ථක පන්දුයවන්නෙක් වීම එතරම් පහසු කාර්යක් නොවේ. ප්‍රභල පිතිකරුවන්ට එරෙහිව කඩුලු ලබාගනිමින් විස්සයි විස්ස තරඟ රටාවේ නම් දරන පන්දුයවන්නන් කිහිපදෙනෙක්ම ඇත. එම විෂිශ්ඨයින් අතරින් අතිවිශිෂ්ට පන්දු යවන්නන් බවට පත්වෙමින් විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ සාර්ථකම පන්දුයවන්නන් 5 දෙනා මෙසේ පෙළගැස්විය හැක. මොවුන් විස්සයි විස්ස තරග රටාවේ විෂිශ්ඨයන් ලෙස හැදින්වේ.

1. ෂකීබ් අල් හසන්

2. ලසිත් මාලිංග

3. ටිම් සවුති

4. ෂාහිඩ් අෆ්රිඩි

5. රෂීඩ් ඛාන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *