ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත නැගිටීමේ ආරම්භය සුභයි – ෆර්වීස් මහරුෆ්

Sports News

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දුයවන්නෙක්, නායකයෙක් මෙන්න වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරන ෆර්වීස් මහරූෆ් මහතා ඊයේ පැවති ThePapare.com මෙහෙයවන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ජාත්‍යන්තර විස්සයි විස්ස ශේණිගත කිරිම්වල පළමු ස්ථානය හිමිකරගත් වනිදු හසරංග ගැනත්, වර්තමාන ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රගතිය පිළිබඳවත්, කණ්ඩායමේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳවත් මෙළෙස අදහස් පළකළේය.

පැතුම් නිශ්ශංක සහ චරිත් අසලන්ක කණ්ඩායමට ඇතුලත් කිරිම පිලිබඳව විශේෂයෙන්ම තේරීම් කමිටුවට ස්තූති වන්ත වෙන්න ඕනී, මොකද පැතුම් නිශ්ශංක ලෝක කුසලාන සංචිතයේ පළමු 19 දෙනා අතරවත් සිටියේ නැත. පැතුම් නිශ්ශංක ලබා දුන් වගකීම අකුරටම ඉටුකර අර්ධ ශතක තුනක් ලබාගනිමින් විෂිශ්ඨ ලෙස ක්‍රිඩා කළේය. මොවුන් තමා ශ්‍රී ලංකා ක්‍රිකට් වල අනාගතය මෙම ක්‍රිඩකයින්ට දිගින් දිගටම අවස්ථාව ලබා දෙන්න ඕනි.

එමෙන්ම මම දකිනවා දසුන් චානක කණ්ඩායමේ නායකත්වයට පත්විමත් සමග කණ්ඩායමේ දැන් ලොකු එකමුතුවක් තියෙනවා ඔවුන්ට තරඟ ජයග්‍රහණය කිරිමේ උවමනාව තියෙනවා, දැන් ක්‍රිඩකයින් ඉතා වගකීමෙන් ක්‍රිඩා කරන්නේ. කාලයක් තිස්සේ එකම කණ්ඩායම සෙල්ලම් කරගෙන එනකොට එක රැදි පවතිනවා. ඔවුනොවුන් එකමුතුව ක්‍රිඩා කරනවා ඒකට කාලයක් ගතවෙයි, මොවුන්ට දිගටම අවස්ථාව ලබා දෙන්න ඕනි. ඇත්තටම කණ්ඩායමේ ආරම්භය ඉතා හොදයි කවුරුත් හිතුවෙ නැහැ මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙම දක්ෂතා අතරට පැමිණෙයි කියලා, කවුරුත් විශ්වාස කරෙත් නැහැ ඒත් ඔවුන් කරලා පෙන්නුවා ඔවුන්ට පුලුවන් කියලා.

කණ්ඩායමේ පන්දු යැවීම ගත්තොත් වනිදු හසරංග මේ අවුරුද්දේ වැඩිම කඩුලු ලාභියා , ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වනිදු හසරංග ගේ ඉදිරි අනාගතය පැහැදිලි ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් හී අනාගතය වනු ඇත. වනිදු හසරංග ගේ ගමන ගැන ගොඩක් සතුටුයි පොඩි තැනකින් ඇවිත් කෙටි කාලයක් තුල මෙවැනි තත්ත්වයකට පැමිණිම පිළිබඳව ඔහුට ක්‍රිකට් ක්‍රිඩාවේ ලොකු ගමනක් තියෙනවා.

එමෙන්ම දුෂ්මන්ත චමීර, භානුක රාජපක්ෂලා ලෝක කුසලානය තරගාවලිය තුල විෂිශ්ඨ දක්ෂතා දැක්වුවා. මොවුන්ට පුළුවන් තරම් අවස්ථාව ලබා දෙන්න ඕනී. ගොඩක් ධනාත්මක දේවල් කණ්ඩායම තුල සිදුවෙමින් පවතිනවා මම හිතනවා මෙම කණ්ඩායම ක්‍රිකට් ක්‍රිඩාව තුල ලොකු පෙරළියක් කරයි කියලා, ඔවුන්ට ඒක කරන්න පුලුවන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *