මීළග විස්සයි විස්ස ලෝක කුසලානයේදි ශ්‍රී ලංකාවට තවත් අභියෝගයක්

Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබන වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේදි සුදුසුකම් ලැබීමේවටයට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත. එය ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට අමතරව බටහිර ඉන්දීය කොදෙව්වන් , ස්කොට්ලන්තය හා නැමිබියාවටත් පළමු වටයේ තරඟ ක්‍රීඩා කිරීමට සිදු වනවා එමෙන්ම නොවැම්බර් 15 වැනිදාට පෙර T20 ශ්‍රේණිගත කිරීම් වල අංක 1 සිට 8 දක්වා වන කණ්ඩායම් සෘජුවම සුපිරි කණ්ඩායම් 12 වටයට සුදුසුකම් ලබා ඇත.

ඒ අනුව ඕස්ට්‍රේලියාව , එංගලන්තය , ඉන්දීයාව , පාකිස්තානය , නවසීලන්තය , දකුණු අප්‍රිකාව , ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය ඍජුවම සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් බවට පත්වුනා. සුපිරි 12 වටයේ සෙසු කණ්ඩායම් 4 පළමු වටයෙන් තෝරා ගැනිමට නියමිත බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇත්තේ.

එමහේතුවෙන් මෙතැන් පටන් එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය වෙන තුරු ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය කිරිම හුගාක්ම වැදගත් වෙනවා ඉදිරි ලෝක කුසලානයට සාර්ථකව මුහුණදීමට. අපි ඒ තරගාවලි හොදට කරලා ජයග්‍රහණය කරන්න ඕනි. එතකොට අපිට පුළුවන් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉස්සරහට යන්න.

එහෙම වුනොත් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පස්සේ ඉන් පසුව තියෙන ලෝක කුසලානයට අපේ අයට සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා නොකර ඉස්සර වගේ ඍජුවම සුදුසුකම් ලබා ගන්න පුළුවන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *