ඉදිරියට ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම

Sports News

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයේ මුහුණදුන් සියලුම තරඟවල අනෙකුත් කණ්ඩායම් වලට අභියෝගයක් එල්ළ කිරිමට සමත්විය. අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වුවද, යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලිය පුරාම ඔවුන්ගේ දක්ෂතාවය පෙන්නුම් කළේය, විශේෂයෙන් පැතුම් නිශ්ශංක සහ චරිත් අසලන්ක ඉතා දක්ෂ ලෙස වගකීමෙන් ක්‍රිඩා කළේය.

බොහෝ ක්‍රිකට් විස්තර විචාරකයින් පැවැසුවේ මොවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් වල අනාගතය බවයි, එමෙන්ම මොවුන්ට දිගින් දිගටම අවස්ථාව ලබාදිය යුතු බවත් පෙන්වා දුන්නේය, එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කරන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසන්නේ පසුගිය කාලේ අද්දැකීම බහුල ක්‍රිඩයින් කණ්ඩායම දාලත් තරග පැරදුනා, හැබැයි ඊට වඩා හොදයි තරුණ කණ්ඩායමක් අපි හදන ගමන් තරග පැරදුනත්, ඒ ළමයි යම් දෙයක් ඉගෙන ගන්නවා එයයි ශ්‍රී ලංකා ක්‍රිකට් හී අනාගතය යනුවෙන් ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කරන ආකාරයට තරුණ ක්‍රිඩකයින්ට දිගින් දිගටම අවස්ථාව ලැබෙනු ඇත.

එමහේතුවෙන් ඉදිරි තරගාවලි සදහා අද්දැකීම් බහුල ක්‍රිඩකයන්ට වඩා තරුණ ක්‍රිඩකයින්ට කණ්ඩායමේ වැඩි අවස්ථාවක් හිමිවේ, එම නිසා ඉදිරියට ක්‍රිඩා කල හැකි විස්සයි විස්ස කණ්ඩායම මෙසේ පෙළගැස්විය හැක.

1. කුසල් ජනිත් පේරේරා

2. පැතුම් නිශ්ශංක

3. චරිත් අසලන්ක

4. අවිශ්ක ප්‍රනාන්දු

5. භානුක රාජපක්ෂ

6. දසුන් චානක

7. වනිදු හසරංග

8. චාමික කරුණාරත්න

9. මහීෂ් තීක්ෂන

10. බිනුර ප්‍රනාන්දු

11. දුෂ්මන්ත චමීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *