කාලයක් තිස්සේ කණ්ඩායමේ තියෙන නොම්බර තුනේ දුර්වලතාවයට විසඳුම චරිත් අසලංක

Sports News

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන විට චරිත් අසලංක කණ්ඩායමේ නිසියාකාර ස්ථානයක් හිමිවූයේ නැත. ඔහු වෙනුවට නොම්බර තුනේ ස්තානයේ ක්‍රිඩා කලේ දිනේෂ් චන්දිමාල් විසිනි අනතුරුව පළමු තරග දෙකේදීම අසාර්ථක වූ දිනේෂ් චන්දිමාල් වෙනුවෙන් ඔහු අංක 3 ස්ථානයට පැමිණියේය.

එතැන් පටන් ඔහු ලකුණු 8, 80*, 35, 21, 12, සහ 68ක් ලෙසින් ලකුණු රැස් කොට ඇත තරුණ ක්‍රිඩකයෙක් වුවත් චරිත් ක්‍රිඩා කරන්නේ දක්ෂ පළපුරුදු ක්‍රිඩකයෙක් ලෙසිනි, මෙතෙක් කණ්ඩායමේ දුර්වල තාවයක්ව පැවති නොම්බර තුනේ ස්ථානයට සාර්ථකම පිතිකරු ඔහු බව චරිත් අසලන්ක ඔප්පු කර හමාරය දැනට විස්සයි විස්ස ලෝක කුසලානයේ තුන්වෙනියට වැඩිම ලකුණු ලාභියා වන්නේද චරිත් අසලන්කයි.

මෙතෙක් කලක් අඩුපාඩුව පැවැති අංක 3 පිතිකරණ ස්ථානය සඳහා සාර්ථකම පිතිකරුවා තමන් බව ඔප්පු කිරිමට චරිත් අසලංක සමත් වී ඇත. තරුණ ක්‍රිඩකයෙක් උනත් ඔහු ක්‍රිඩා කරන්නේ අද්දැකීම් බහුල ක්‍රිඩකයෙක් ලෙසිනි ඔහු ඉතා වගකීමෙන් කණ්ඩායම ජයග්‍රහණ කරා රැගෙන යයි.

කුමාර් සන්ගක්කාර ගෙන් පසුව විවිධ ක්‍රිඩකයන් නොම්බර තුනේ ස්ථානයේ ක්‍රිඩා කළේය, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා වැනි දක්ෂ ක්‍රිඩකයින් පවා නොම්බර තුනේ ස්ථානයේ සාර්ථකව ක්‍රිඩා කිරිමට අපොහොසත් විය. නමුත් චරිත් අසලන්ක පසුගිය පැවති තරඟ සියල්ලේම ඉතා සාර්ථක ලෙස නොම්බර තුනේ ස්ථානයේ ක්‍රිඩා කළේය ඔහු දැන් කණ්ඩායමේ ස්ථාවර වෙලා හමාරය ඔහුට ඉදිරියටත් කණ්ඩායමේ නොම්බර තුනේ ස්ථානයේ ක්‍රිඩා කිරිමට අවස්ථාව හිමිවනු ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *