ජාත්‍යන්තර ලෝක කුසලාන ඉතිහාසයේ බිහිවූ හොඳම කඩුලු රකින්නන් පස් දෙනා මෙන්න

Sports News

ක්‍රිකට් යනු ඉතා අලන්කාරවත් ක්‍රීඩාවක් වන අතර දක්ෂ ලෙස කඩුලු රැකීමෙන් තත්පර කිහිපයකින් තරඟයේ ගමන් මග වෙනස් කළ හැකිය. ක්‍රිකට් ක්‍රීඩාවේ කොඳු නාරටිය කඩුලු රැකිම ලෙස හදුන්වයි. කඩුලු රකින්නා කණ්ඩායමේ නායකයා නොවුනත් සෙසු ක්‍රීඩකයින්ට වඩා ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව හොඳින් තේරුම් ගත හැක. එමෙන්ම ඔහුට පන්දු රැකීමේ කාර්යභාරයට අමතරව කණ්ඩායමේ සාමාජිකයින්ට වැදගත් උපදෙස් ලබා දීමේ හැකියාවද ඇත වසර ගණනාවක් පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ විස්මිත කඩුලු රකින්නන් රැසක් බිහිව ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ කඩුලු රකින්නෙකු විසින් ලබාගත් වැඩිම කඩුලු දවාගැනිම් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිවන්නේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරයි. සංගක්කාර ලෝක කුසලාන තරඟාවලියේ ඉනිම් 36 කදී කඩුළු 54 ක් ලබාගනිමින් පෙරමුණේ පසුවෙයි.

ඔහු 2003 දී නවසීලන්තයට එරෙහිව උඩපන්දු තුනක් සහ ස්ටම්ප් කිරීමකින් ඔහුගේ ලෝක කුසලාන දිවිය ආරම්භ කළේය,එය ඔහුගේ සාර්ථක තරඟාවලිය බවට පත්විය. එමෙන්ම 2007 දී දවාගැනීම් 15 ක්, 2011 දී 14 ක්, 2015 දී ඔහුගේ ලෝක කුසලාන දිවිය අවසන් කළේ කඩුලු 8 ක් ලබාගැනිමෙන් අනතුරුවය.

ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම කඩුලු රකින්නන් පස් දෙනා මෙසේ පෙළගැස්විය හැක.

1. කුමාර් සංගක්කාර

2. ඇඩම් ගිල්ක්‍රිස්ට්

3. එම්එස් දෝනි

4. බ්‍රෙන්ඩන් මැකලම්

5. මාර්ක් බවුචර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *