චරිත් අසලංකට සංගක්කාරගෙන් විශේෂ ඇගයීමක්

Sports News

ශ්‍රී ලංකාවේ වැඩිම ටෙස්ට් සහ එක්දින ලකුණු ලාභියා වන කුමාර් සංගක්කාර 24 හැවිරිදි වමත් පිතිකරු චරිත් අසලංක, ICC පිරිමි T20 ලෝක කුසලානයේදී ක්‍රිඩා කල ආකාරය පිළිබඳව සහ ඉනිම 6 කදී ලකුණු 231 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වීම පිළිබඳව මෙසේ ප්‍රශංසා කළේය.

මම හිතන්නේ චරිත් අසලංක ඉතා හොඳින් ක්‍රිඩා කර තිබෙනවා ලෝක කුසලාන තරගාවලිය තුල, ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් දිගු වෘත්තීය ජීවිතයක් ගත කරන්න පුලුවන් ක්‍රිඩකයෙක්. බොහෝ ලකුණු ලබා ගන්නා සහ බොහෝ ක්‍රීඩා ජයග්‍රහණ කරන ක්‍රීඩකයෙකු ලෙස චරිත් අසලංක හදුන්වා දීමට පුලුවන් යනුවෙන් කුමාර් සංගක්කාර මහතා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් කුමාර් සංගක්කාර මහතා ප්‍රකාශ කර සිටියේ චරිත් අසලංක හොඳ දඟ පන්දු සහ හොඳ වේගයක් යන දෙකටම මුහුණ දීමට ඔහුට ඇති හැකියාව අති විශිෂ්ටයි. ඔහුට නිර්භය ප්‍රවේශයක් ඇති බව පෙනේ, එය ක්‍රිකට් ක්‍රිඩාව තුල ඉතා හොද ලක්ෂනයක්.

ඕනෑම ක්‍රීඩකයෙකුගේ සිතට එන දෙය නම් කුඩා බිය එනම් අසාර්ථක වීමට ඇති බිය මක්නිසාද යත් එම ක්‍රිඩකයාට කණ්ඩායමේ ඉදිරි තරඟ අහිමිවිය හැකි බැවින් අවදානමක් ගැනීමට ක්‍රිඩයින්ට බියක් දැනිය හැකිය. අභියෝගය භාර ගැනීමේ හැකියාව ප්‍රතිලෝම පීඩනයක් එල්ල කරයි. චරිත් ඒ සියල්ල සමඟ මනා පාලනයකින් ක්‍රිඩා කරයි. ඔහුට සමබරතාවය ඇත. ඔහුට ජයග්‍රහි මානසික කුසලතාව ඇත.ඔහු ඉදිරි අනාගතයේදී විශිෂ්ට ක්‍රීඩකයෙකු වනු ඇත. යනුවෙන් සංගක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *