මම පෙන්නන්න ඕනේ අංක 3 ස්ථානයට හොඳම පිතිකරුවා මම කියලා – චරිත් අසලංක

Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාව පසුගිය කාලයේදී යම් පසුබෑමකට ලක්වුවද, මෙරට ක්‍රිකට් ක්‍රිඩාවට දක්ෂයන්ගේ අඩුවක් නැත. කලින් කලට බිහිවන එවන් දක්ෂයන් අතර ජාතික ක්‍රිකට් ක්‍රිඩාවට අඩුවක් නොමැතිව සම්පත් රැසක් දායද කරන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේන් බිහිවූ චරිත් අසලංකට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එම නිසා ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගන්න සමත් වූ චරිත් අසලංක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නොම්බර තුනේ ස්ථානයේ ස්ථානය වෙන්කරන ගැනිමට ඔහු සමත්වෙනවා.

චරිත් අසලංක පැවති මාධ්‍ය සාකච්ඡාවේදී, ඔහු ක්‍රිඩා කිරිමට කැමති ස්ථානය කුමක්ද? යන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට මෙළෙස පිළිතුරු දුන්නේය.

ඔබ ක්‍රිඩා කරන්න කැමති ස්ථානයක් තිබෙනවාද? ඔව්, නොම්බර 3 එයට විශේෂ හේතුවක් වන්නේ අංක 3 කියන්නේ ගොඩක් වෙලාවට පීඩනය වැඩියෙන් ලැබෙන තැනක්, මොකද ඉනිමක ආරම්භයේදීම කඩුල්ලක් ගියපු අවස්ථාවක තමයි යන්න තියෙන්නේ එම ස්ථානය කුමන කණ්ඩායමක වුණත් ඉක්මනින් දැවි යන්න පුලුවන් ස්ථානයක්, ඉතින් ඒ වගේ හොද පිඩනයක් ලැබෙන නිසා මම කැමතියි අංක 3 ස්ථානයේ ක්‍රිඩා කරන්න. පිඩනය එක්ක ක්‍රිඩා කරන්න මොකද මුල් ටික මම පීඩනයකින් සෙල්ලම් කරත් මට ඊට පස්සේ ඉනිමේ මැදදි නිදහසේ සෙල්ලම් කරන්න පුලුවන්. ජාත්‍යන්තරව ගත්තත්, ලන්කාවේ ගත්තත් අංක 3 ස්ථානයේ පිතිකරනය කියන්නේ සෑහෙන වගකීම් තියෙන, සෑහෙන දක්ෂතා වලින් පිරිපුන් ක්‍රිඩා කරන ස්ථානයක් යනුවෙන් චරිත් පැවසුවේය.

ඔබ කවුරු හරි ක්‍රිකට් ක්‍රිඩකයෙකුව අනුගමනය කරනවාද? යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් චරිත් පැවසුවේ මේ දවස් වල මම විරාත් කෝලිව තමයි අනුගමනය කරන්නේ, විශේෂයෙන් එයාගේ පන්දුවට පහර දීමේ විලාසය, මම ඔහුගේ ආකල්ප තමයි ගන්නේ, මොකද ක්‍රිඩාවට ගියාම ඔහුට අනික් කිසිම දෙයක් වැඩක් නැහැ එමෙන්ම ක්‍රිඩා කරන වෙලාවට හරියට ක්‍රිඩා කරන්න ඕනේ එළියේ ඉන්න වෙලාවට ඒ විදිහට වැඩ කරන්න ඕනේ ඒ කරන වැඩේ හරියටම කරන එක තමයි මම ඔහුගෙන් මගේ ජිවිතයට ගන්නේ.

ඔබගේ ක්‍රිකට් දිවියට වැඩිපුර උදව් කළ අය කවුද ? යනුවෙන් මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් චරිත් අසලංක ප්‍රකාශ කළේ අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි මම ඉගෙන ගත්තා පාසල පිළිබඳව, මම ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේන් තමයි මූලින්ම ඉගෙනුම ලැබුවේ. පසුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ගියා රිච්මන්ඩ් විද්‍යාලයේන් තමයි මම ක්‍රිකට් හැදෑරුවේ. මගේ මුල්ම ක්‍රිකට් ක්‍රිඩා ගුරුවරයා වන ධනුෂ්ක දෙනගම, මගේ ජේෂ්ඨ පුහුණුකරුවා වන ධම්මික සුදර්ශන, ලක්මාල් ද සිල්වා සහ ක්‍රිඩා භාර ආචාර්යවරයාව සිටි දමිත් ප්‍රසන්න යන මහත්වරුන් මගේ අම්මා සහ තාත්තා, සීයා ඇතුලු පවුලේ කට්ටිය මට ගොඩක් උදව් කළා. ඒ වගෙම මගේ ළගින්ම ඉන්න යාලුවොත් මෙහිදී මතක් කරන්න ඕන, එයාලත් මට ගොඩක් උදව් කරනවා යනුවෙන් චරිත් අසලංක පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *