ශ්‍රී ලංකා පිල ඉදිරියේදී ලොව පෙරැළිකාර ක්‍රිකට් කණ්ඩායම වනු ඇත – ඉයන් බිෂොප්

Sports News

ඉයන් බිෂොප් යනු සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන අතර ඔහු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර ඔහු ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරඟවලදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළේය. මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරයේ සිටිය අවස්ථාවේ වර්තමාන ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය ගැන මෙලෙස අනාවැකියක් පල කළේය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දුර්වල තත්ත්වයක සිටි බව කවුරුත් පිළිගන්නා දෙයක්. නමුත් මාසයක් දෙකක් ඇතුළත ඔවුන් වේගයෙන් ඉදිරියට පැමිණි ආකාරය දිහා සියළු දෙනා හැරී බැලිය යුතුයි. බලන්න ඔවුන් ක්‍රීඩා කළ අවසන් තරග දෙක. එංගලන්තයට හොඳ සටනක් දුන්නා. කොදෙව් පිල පරාජයට පත් කළා.

අවසන් තරගයේදී වෙනදාටත් වඩා හොඳ සැලසුමකින් ක්‍රීඩා කළා. කොදෙව් පිලේ වැරදි අඩුපාඩු තරගයට කළින් ඔවුන් දැනගෙන අවශ්‍ය කටයුතු කළා. ඒක ක්‍රිකට් තරගයක් ජය ගන්න අවශ්‍යම දෙයක්. තරගයට කලින් ඉඳලා ප්‍රතිවාදියාට එරෙහි සැලසුම වැදගත්. ශ්‍රී ලංකා පිල ඒ දේ හරියට ම කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඉයන් බිෂෝප් මහතා ප්‍රකාශ කළේ මගේ අදහස නම් ශ්‍රී ලංකා පිල ඉදිරියට ගන්න පුළුවන් පහසුම කණ්ඩායමක්. වයස අතින්, දක්ෂතා අතින් ඔවුන්ට ඉණිමගේ ඉහළටම නගින්න කාලය තියෙනවා. අනාගතයේදී මේ කණ්ඩායම ලෝකයේ අනෙකුත් කණ්ඩායම්වලට අභියෝගාත්මක ක්‍රිකට් කණ්ඩායම වන බවට අනාවැකියක් කියන්න පුළුවන් යනුවෙන් බිෂොප් මහතා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් බිෂොප් මහතා පෙන්වා දුන්නේ මෙම කණ්ඩායම ගොඩාක් දුර යන්න පුළුවන් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව සතුව සිටිනවා. හොඳ දක්ෂතා දක්වන පන්දු යවන්නන් ලෙස වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ ඉදිරියෙන් සිටිනවා. දුෂ්මන්ත චමීර ඇතුළු වේග පන්දු යවන්නන් සැලකිය යුතු දක්ෂතාවක් පෙන්නුම් කළා. චරිත් අසලංක හා පැතුම් නිශ්ශංක වගේ පිතිකරුවන් වෙනත් කණ්ඩායම්වල නෑ. ඔවුන් ඉතා හොඳින් රැක බලාගත යුතුයි යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *