ලෝක කුසලානයේදී අපේ කණ්ඩායම ක්‍රිඩා කරපු විදිහට මමත් පුදුම වුනා

Sports News

දේශබන්දු මාවන් අතපත්තු යනු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකු සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර දාහතක් ටෙස්ට් සහ එක්දින ක්‍රීඩා කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් සහ ඔවුන්ගේ වර්ධනය ගැන ThePapare.com මෙහෙයවන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මෙළෙස අදහස් ප්‍රකාශ කළේය.

මම පරණ ක්‍රිඩකයෙක් විදිහට ශ්‍රි ලන්කා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවය,මොරාල් එකක් දැක්කේ ගොඩ කාලෙකින් ඇත්තටම මම පුදුම වුනා තරුණ ක්‍රිඩකයන් ක්‍රිඩා කල ආකාරය දැකලා, විශේෂයෙන් චරිත් අසලංක සහ පැතුම් නිශ්ශංක මොවුන්ට හොද දක්ෂතාවයක් තියෙනවා ඒ දක්ෂතාවය වැඩිදුරටත් දියුණු කරගන්න පුලුවන්.

මම හරියට පිළිගන්න දෙයක් තමයි පිතිකරනයේ දි හොද තාක්ෂණයක් තිබීම ගොඩක් වැදගත් ඉදිරි ගමනට. දැන් කණ්ඩායම ගොඩක් ස්මාට් විදිහට ක්‍රිඩා කරන්නේ එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු ආරම්භක ස්ථානයේ සිට අංක 4 ස්ථානයට ගෙනාවා අවිශ්ක ලකුණු අතරට නොපැමිණීමට ඒක හේතුවෙන් වෙන්න පුලුවන් ඒක ක්‍රිඩාවේ ස්වාභාවය නමුත් පැතුම් නිශ්ශංකට හොඳම තැන හම්බෙලා තියෙනවා ඔහුට පුලුවන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙන්න යනුවෙන් හිටපු නායක මාවන් අතපත්තු මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *