ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුර යළිත් මහේල ජයවර්ධනට

Sports News

මහේල ජයවර්ධන මහතා 2014 දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු කණ්ඩායම් කිහිපයක පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර ඔහු පුහුණුකරු ධූරය දැරු කණ්ඩායම් ජයග්‍රහණය කළ අතර ඔහු මෙහෙයවනු ලැබූ කණ්ඩායම් පිළිවෙලින් ඉන්දියානු ප්‍රිමියර් ලීග් සහ ද හන්ඩ්‍රඩ් යන කණ්ඩායම් වේ. මුම්බායි ඉන්දියන්ස්ක ණ්ඩායමට කුසලාන 3 දිනා ගැනීමට ඔහු උදව් කළේය. මහේල පුහුණුකරුගේ හොඳ වාර්තාව හේතුවෙන් ඔහුට අයිසීසී 2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයෙකු වශයෙන් තෝරාගනු ලැබිය.

එමහේතුවෙන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස දින 7 ක සේවයක් දීමට පමණක් මහේල ජයවර්ධන එම තනතුර භාර ගත්තේය. එමෙන්ම පවතින තත්වය අනුව ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානය දක්වා ජාතික කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන ලෙස ජයවර්ධන මහතාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන මහතා අතර, දීර්ඝ සාකච්ඡාවක් ඊයේ පවත්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මීළඟ ලෝක කුසලාන තරගාවලිය තෙක් සූදානම් කිරීම කෙරෙහි අවධානය යොමු කොට ඇත. මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කණ්ඩායමේ සංයුතිය වෙනස් කළ යුතු ආකාරය හා පුහුණු කාර්ය මණ්ඩලය සකස් කිරීම සම්බන්ධව මහේල ජයවර්ධන මහතාගෙන් අදහස් හා යෝජනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරන බව දැනුම් දී තිබේ.

එබැවින් මෙතෙක් පුහුණුකරුවන් සිදු කළ කාර්යභාරය හා ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ඇති ප්‍රගතිය සම්බන්ධව සමාලෝචනයක් සිදු කිරීමටත්, තව දුරටත් රඳවාගත යුතු හා ඉවත් කළ යුතු පුහුණුකරුවන් සම්බන්ධ නිර්දේශ ඉද්රිපත් කරන ලෙසත් මහෙල ජයවර්ධන මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දි තිබේ. ඒ සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමට පිටතින් ආදේශ කළ යුතු දක්ෂ පුහුණුකරුවන් වෙතොත් ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද ජයවර්ධන මහතා වෙතදී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *